It-is-possible-to-switch-service-providers-by-keeping-the-same-number-on-the-mobile-phone

යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසම නීතිමය අනුමැතිය දී තිබේ.



විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ඕෂධ සේනානායක මහතා මේ බව මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේ මෙසේය.

“අද අපි යම්කිසි සේවා සපයන්නෙකු සමග සිටියොත් අපි ඒ සේවාව ගැන සතුටු වුණත් නොසතුටු වුණත් අපිට වෙනසේවා සපයන්නෙකු ට යන්න බෑ මොකද අර අවුරුදු 10ක් පාවිච්චි කරපු මොබයිල් නම්බර් එක අතහැර ගන්න බෑ. ඒක අපේ නැෂනල් අයිඩින්ටිටි කාඩ් එක වගේ. මේක තමයි පාරිභෝගිකයාට තිබුණේ. නමුත් මම කියන්න කැමතියි අපිට අවශ්‍ය සියලුම නෛතික ආවරණයන් දැන් ලැබිලා තියෙනවා. අපි සඳුදා සියලුම සේවා සපයන්නන් ගෙන්වලා අපි අන්තිම ගෝ හෙඩ් එක දුන්නා ඒ අයට සෙන්ට්‍රල් ඩේටාබේස් එකක් හදන්න. ඉස්සරහට තමන්ගේ නම්බර් එක ඩයලොග්, මොබිටෙල්, හච්,එයාර් ටෙල් වෙන්න පුළුවන්. එතකොට සෙන්ට්‍රල් ඩේටා බේස් එකක් අවශ්‍යයි මේ සඳහා. අනෙක් රටවල ක්‍රමවේද අපි අධ්‍යයනය කරා. විශේෂයෙන් ම පාකිස්ථාන විදුලි සංදේශ නියාමන කොමිසම අපිට ගොඩක් උදව් කරා. ඒ අය මේක හොඳට ම කරපු අය. ඒ අය එක්ක එකතුවෙලා මේ ක්‍රමවේදය හදලා අපි සඳුදා මේක ලෝන්ච් කරා. දැන් තියෙන්නේ විදුලි සංදේශ ක්ෂේත්‍රයට භාරයක් මේක. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවශ්‍ය සියලුම අනුමැතිය සඳහා අද මම උදේ වෙනකොට අත්සන් කරලා ආවේ ඔක්කෝම ලිපි. නම්බර් පොර්ටබිලිටි එක ලබන මැයි මාසය වෙනකොට අවසන් කර ගන්න පුළුවන්. ඒ අය ඒකට හදනවා සංසඳයක්. ඒකෙන් ක්ලියරින් එක හදාගෙන තාක්ෂණික ක්‍රියාවලිය පමණයි මේකේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ.

මම කියන්න කැමතියි මේක ඉදිරියට යනවා.

මේක විශේෂ දෙයක් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාවට. පාරිභෝගිකයන් ට තියෙන පාලනය සියයට සියයකින් නෙමෙයි 200කින් තියෙනවා. දැන් ඉස්සර වගේ පාරිභෝගිකයෙක් හිරකරගෙන තියා ගන්න බෑ කිසිම සේවා සපයන්නෙකු ට. අනිවාර්යයෙන් ම සර්විස් ලෙවල් උපරිම මට්ටමෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාරිභෝගිකයා රැඳී ඉන්නේ නෑ. පාරිභෝගිකයා යනවා වෙනත් සේවා සපයන්නෙකු වෙතට. අද මම වගකීමෙන් කියනවා අපේ පැත්තෙන් අවශ්‍ය අවසාන සියලු අනුමැතියන් දීලා තියෙන්නේ. අපිට ඉතුරුවෙලා තියෙන්නේ ලයිසන් එක දෙන්න විතරයි. එතැනින් ඉදිරියට මැයි වෙනවිට මේක අවසන් කරගන්න පුළුවන්.”