Irelands-Curtis-Camper-takes-4-wickets-in-4-balls-to-equal-Malingas-Video

අද පැවති ලෝක කුසලාස විස්සයි20 තරගයකදී නෙදර්ලන්තයට එරෙහිව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත්තේය.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු හතරකදී කඩුලු හතරක් දවාගත් ලොව තෙවැනි ක්‍රීඩකයා වන්නට කැම්පර් සමත් වූ අතර ඔහුට පෙර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් 2019 වර්ෂයේදී අයර්ලන්තයට එරෙහිවද ,

ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග 2019 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිවද මෙම දස්කම දැක්වීමට සමත් විය.
කඩුළු 4 ක් වුවත් මෙය ක්‍රිකට් පොත නම් කරන්නේ කඩුළු ත්‍රිත්වයේ එනම් ‘හැට්‍රික්‘ සමත්කමක් ලෙසය.
එනයින් බලද්දී,
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ප්‍රථම අයර්ලන්ත ජාතිකයා වීමට කැම්පර් සමත් වූ අතර , 2007 වසරේ බ්‍රෙට් ලී ලෝක කුසලාන තරඟාවලියක දී ලබාගත් කඩුලු ත්‍රිත්වයෙන් පසුව ලෝක කුසලානයක වාර්තා වූ එකම කඩුලු ත්‍රිත්වය මෙය වීමද විශේෂත්වයකි .
කර්ටිස් කැම්පර් තරගයේ 9 වැනි පන්දුවාරයේදී මෙම දක්ෂතාව දැක්විය.

9 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඔහුගේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ කොලින් ඇකර්මන්.
අනතුරුව යොමු කළ පන්දුවේදී රයන් ටෙන්ඩස්කාටෙ ලකුණු නොලබා දැවී ගියේය.
ස්කොට් එඩ්වඩ් දැවී ගියේ කර්ටිස් කැම්පර්ගේ තුන්වැනි කඩුල්ල ලෙසය.
9 වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේදී ඔහු අඛණ්ඩව සිව්වැනි කඩුල්ල ද දවා ගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තයට පන්දුවාර 20 අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106ක් පමණි.ෙ
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි අයර්ලන්තය පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. වීඩියෝව පහතින්