Five-Norwegian-killer-who-converted-to-Islam-did-not-kill-with-bows-and-arrows

නෝර්වේ පොලිසිය සඳුදා (18) පැවසුවේ පසුගිය සතියේ ආන්දෝලනාත්මකව වාර්තාවූ ප්‍රහාරයට ගොදුරු වූ පස්දෙනා ඝාතනය කළේ දුනු හා ඊතල නොව සැකකරු භාවිතා කළ "තියුණු ආයුධයකින්" බව ය.

දැනට ලැබෙන වාර්තා මගින් කියැවෙන්නේ ඉස්ලාම් අන්තවාදීන් ඇසුරු කළ මෙම ඩෙන්මාර්ක ජාතික ඝාතකයා එම ඉගැන්වීම් වල ගැලී මානසික පීඩාවකට ගොදුරුවී සිටි බවත් ඒ අනුව උන්මත්තකයෙකු මෙන් දුනු ඊතල ගෙන නගරය පුරා සැරිසැරීම් කරමින් අන් අය ඝාතනය කරන්නට තැත් දරා ඇති බවත්ය. කෙසේ වෙතත් දුනු ඊතල වලින් කිසිවෙකු මියනොගිය නිසා උල් ආයුධයකින් ඇණ මරාදමන්නට ඔහු උත්සුකු වී ඇත්තේ ඔහුට අහඹු ලෙස මුණගැසුණ නොදන්නා පුද්ගලයින්ය. මේ ආකාරයට ඔහු 5 ක් මරා දැමුවේය.

"ඔහු අතේ දුනු ඊතල තිබී ඇති මුත් ඝාතනයන් කර ඇත්තේ ඒවායින් නොවේ. යම් අවස්ථාවක දී ඔහු දුන්න සහ ඊතල ඉවත දමා ඇත" යනුවෙන් පොලිස් පරීක්ෂක පර් තෝමස් ඔම්හෝල්ට් වාර්තාකරුවන්ට පැවසීය.

පසුගිය බදාදා කොංග්ස්බර්ග් නම් කුඩා නගරයට එල්ල වූ ප්‍රහාරයේදී සැකකරු "පෞද්ගලික සහ පොදු ස්ථානවලදී තියුණු ආයුධයකින් පුද්ගලයින් පස් දෙනෙකු" ඝාතනය කළ බව ඔහු පැවසීය.



එස්පෙන් ඇන්ඩර්සන් බ්‍රැටන් නමැති සැකකරු දුනු හා ඊතල වලින් සහ තවත් ආයුධ දෙකකින් සන්නද්ධව සිටි බව  කී පොලිසිය තියුණු ආයුධ වල ස්වභාවය වැඩිදුර සඳහන් කළේ නැත.
සැකකරුව තවමත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පැවසීය.

"සෑම දෙයක්ම පෙන්නුම් කරන්නේ වින්දිතයින් අහඹු ලෙස තෝරා ගැනීමක්" ඔම්හෝල්ට් පැවසීය.

පොලීසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා ප්‍රහාරය ආරම්භයේදී පුද්ගලයින් ගණනකට ඊතල වලින් විද්ද නමුත් කිසිවෙකු එම ආයුධයෙන් මිය ගොස් නැති බව ය.

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී බ්‍රතන් මෙම ඝාතන පහ සහ තවත් තිදෙනෙකුට තුවාල සිදු කළ බව පාපොච්චාරණය කර තිබේ.

37 හැවිරිදි ඩෙන්මාර්ක පුරවැසියා තමා ඉස්ලාම් ආගමට හරවා ගත් අයෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර රැඩිකල්කරණය වීමේ බිය පැවති බවද පොලිසියට පවසා තිබේ. ඔහුගේ මානසික ස්වභාවය මත මෙම ඝාතන සාධාරණීකරණය කරන්නට උත්සාහ දරා ඇති අතර ලැබී ඇති සාක්ෂි අනුව ඔහුගේ ප්‍රකාශයන් ව්‍යාජ නොවන බවද හෙළිව ඇත.
මනෝචිකිත්සක තක්සේරුවක් ලැබෙන තුරු ඔහුව වෛද්‍ය මධ්‍යස්ථානයක තබා ඇත.
මෙම ප්‍රහාරය නිසා මියගොස් තිබුනේ කාන්තාවන් සිව්දෙනෙකු හා පුරුෂයෙකි.


ඇන්ඩ්‍රියා මේයර්, 52, හැනේ මෙරෙත් එංග්ලන්ඩ්, 56, ලිව් බෙරිට් බෝර්ජ්, 75, ගුන්නර් අර්ලිං සෝව්, 75 සහ ගුන් මැරිත් මැඩ්සන්, 78 මෙහිදී මියගියහ.

බ්‍රැතන් වසර ගණනාවක් ඔස්ලෝ අගනුවරට බටහිර කොංග්ස්බර්ග් හි වාසය කළ අයෙකි.
ත්‍රස්තවාදයට එරෙහි වගකීම පැවරෙන නෝර්වීජියානු ආරක්ෂක සේවා පීඑස්ටී විසින් දන්වා ඇති පරිදි එම පුද්ගලයා ඔවුන්ගේ දත්ත පද්ධතියේ සිටි අයෙකි.
ප්‍රහාරයෙන් පසු දිනවල පොලිසිය සඳහන් කළේ 2020 සහ ඊට පෙර කාල වකවානුවල "රැඩිකල්කරණ භීතිය" ගැන නෝර්වීජියානු ආරක්ෂක සේවා දැනුවත්ව සිටි බවය.සැකකරුගෙන් “කුඩා ප්‍රහාරයක්” සිදු විය හැකි බවට පීඑස්ටී 2018 දී අනතුරු ඇඟවූ අතර ඒබව ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන එන්ආර්කේ හරහා දැනුවත් කර තිබී ඇත.

බ්‍රැතන් විසින් මුස්ලිම් ආගම ප්‍රකාශ කරන අතරවාරයේදී "අනතුරු ඇඟවීමක්" නිකුත් කළ බව කියන වීඩියෝ පටයක් ද නෙත්තවිසෙන් ප්‍රවෘත්ති වෙබ් අඩවිය මගින් 2017 දී ප්‍රකාශයට පත් කර තිබුණි.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)