අද දින ලෝක කුසලාන විස්සයි20 සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් අබුඩාබියේ ෂීක් සයාඩ් පිටියේ පැවති 4 වන කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකාව නැමීබියානු පිල පරදවා පහසු ජයක් අත්කරගන්නා ලදි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලාකංව නැමිබියාවට පහරදෙන්නට අවස්ථාව උදා කළ අතර ඕවර 19.3 කදී ලබාගත්තේ ලකුණු 96 කි. ඔවුන්ගෙන් වැඩිම ලකුණු ගත්තුන් දෙනා 29, 20 හා 12 ක් පමණක් ගත් අතර අන් සියල්ල 10 ට අඩු විය. මහීෂ් තීක්ෂණ කඩුළු 3 ක් ගත්තේය.
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේදී ශ්‍රී ලංකාව ඕවර 13.3 කදී ලකුණු 100 ක් ලබා ඉලක්කය සපුරාගත් අතර භානුක රාජපක්ෂ 42 ක් හා අවිශ්ක ප්‍රනාන්දු 30 ක් ගත්තේය.
ලකුණු සටහන පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval