
නේපාලයේ පැවැත්වෙන දැවැන්තම වෘත්තීය ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊ.පී. එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන ධම්මික ප්‍රසාද් හා උපුල් තරංග නේපාලය බලා පිටත් වූහ.
බහිරාවා ග්ලැඩියේටර්ස්, බිරාත්නගර් වොරියර්ස්, චිට්වාන් ටයිගර්ස්, කත්මණ්ඩු කිංග්ස් XI, ලලිත්පූර්පේට්‍රියට්ස් හා පොකාර රයිනෝස් ලෙස කණ්ඩායම් 06ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.ඉන් තරංග හා ධම්මික දෙදෙනාම බහිරාවා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.ඔවුන් දෙදෙනාට අමතරව ඩිල්ෂාන් මුණවීර, සීක්කුගේ ප්‍රසන්න, ඔෂධ ප්‍රනාන්දු, සඳුන් වීරකොඩි, සහන් ආරච්චිගේ හා අසේල ගුණරත්නද මෙම තරගාවලියට සහභාගි වන බවට මීට ඉහතදී නම්කර තිබුණි. සිවුවැනි වරට පැවැත්වීමට සැලසුම්කර තිබෙන මෙම ඊ.පී.එල්. තරගාවලිය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර තිබූවකි. කෙසේ නමුත් විවිධ හේතුන් නිසා අවස්ථා කිහිපයකදී මෙය කග් දැමීමට සිදුවිය. ඒ අනුව එළඹෙන 25වැනිදා සිට ත්‍රිබුවන් විශ්වවිද්‍යාලීය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර ඇත.
(විශ්ව මුදියන්සේ)

Comments
Post a Comment
Your comment will be visible after approval