tilak-kumara-ratnayake-somadasa-kopikade

ස්වාධීන රූපවාහිනී සේවයේ 1987 සිට මේ දක්වා විකාශය වන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ 9 වන කතාංගයේ සිට සෝමදාස චරිතයෙන් ඊට සම්බන්ධවූ ට‍ෙලි නළු තිලක් කුමාර රත්නායක මහතා එම කතා මාලාවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.  එම කතා මාලාවේ පිටපත් රචකයෙකු ලෙසද සම්බන්ධවූ තිලක් කුමාර මහතා කෝපිකඩේ රංගනය හැර වෙනත් නාලිකාවල ටෙලි නාට්‍ය රඟපෑමට ගියේ ඉතා විරල වශයෙනි.
ඔහු ඇමතිවරුන් 7 දෙනෙකු යටතේ මාධ්‍ය ලේකම් ධූර දරා ඇති අයෙකු වන අතර ඇතැම් රජයේ ආයතනවල තනතුරුද දරා ඇත. එම සියලු කටයුතු අතරේ කෝපි කඩේ රංගනයෙන් ඈත් නොවුණ ඔහු මෙම වැඩසටහනින් සමුගන්නට හේතුවී ඇත්තේ මීට ටික දිනකට පෙර කෝපිකඩේ ටෙලි නාට්‍ය මගින් අතිශය දේශපාලනිකවූ කතාංගයක් විකාශය කිරීම ගැන කලකිරීමෙනි.


එම කතාවට තමා එක් නොවූ බවත් එය විවේචනය කරමින් තමා ෆේස් බුක්හි සටහන් තැබූ බවත් පෙන්වා දෙන තිලක් කුමාර මහතා තමාගේ විවේචන හේතුවෙන් ආයතනය සමග ගැටලු ඇතිවී ඇති බැවින් කතා මාලාවෙන් වසර 35 කට පසු සමුගන්නා බව නිවේදනය කළේය, අදාල ගැටලු වලින් පසු තමාව කතාවෙන් ‘හලන‘ බව පෙනී ගිය බවත් කතා හතරකට එකක් වැනි අවස්ථා ගණන අඩුවෙන් ලබාදීමක් සිදුවූ බවත් ඔහු පෙන්වා දෙයි.
ගුරුවරුන්ට තමා ගරු කරන බවත් ජෝසප් ස්ටාලින් හෝ වෙනත් අයෙකු පුද්ගලිකව දැක නැති බවත් පවසන ඔහු
ආන්දෝලනාත්මක කතාංගයේදී ස්ටාලින් ආදීන් ඒ හැඩ රුවටම වේශ නිරූපණය කර ගුරුවරුන් කසිප්පු කෝප්පයට බත්පැකට් එකට වැඩ කරන අය ලෙස හංවඩු ගසා ඉතා අශ්ලීල ලෙස හෙළාදකිමින් විවේචනයක් සිදුවූ බව කීය.(ආන්දෝලනය ඇති කළ කෝපි කඩේ 1842 වැනි කතාංගය 2021 අගොස්තු 12 වන දින විකාශය වූ අතර දහස් ගණන් පාඨක කොමෙන්ටු හා රිපෝර්ට් කිරීම් වලින් පසු මේවනවිට යූටියුබ් වෙතින්ද ඉවත් කරගෙන හෝ ඉවත් කර ඇත. )

එම පිටපත අනුමතවූ ආකාරය ගැන පවා තමා පුදුම වන බව තිලක් කුමාර මහතා කීය.
කෝපි කඩේ කතා මාලාවෙන් ඉවත්වූ තිලක් කුමාර රත්නායක මහතා මේ වනවිට වෙනත් ටෙලි නාට්‍ය ගනනාවක පෙනී සිටින අතර දෙරණ නාලිකාවේ සතියකින් අවසන් වන ටෙලි චිත්‍රපට මාලාවටද දායකවී සිටියි.
ඔහු සිය රසිකයන් හමුවේ තැබූ පණිවිඩය පහතින්