data-theft

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය  පසුගියදා පාර්ලිමේන්තුවේද සුවිශේෂී අවධානය දිනාගත් සිදුවීමක් විය.  විෂය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙන අන්දමට

මෙය අත්වැරැදීමක් නොවන අතර මෙය හිතාමතා සිදුකළ කටයුත්තක් විය.
පසුගිය ජූලි 9 වැනිදා මෙහි දත්ත මැකී ගිය බවත්  ඒ ගැන සීඅයිඩීයට පැමිණිලි කරන්නේ ජුලි 23 වැනිදා බවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. මේ ගැන කොතෙකුත් කතා කළද මේ කුමන්ත්‍රණයට වගකිවයුත්තන් තවමත් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගෙන නැත. මේ අතරතුර දත්ත මගඩියට සම්බන්ධ බවට චෝදනා එල්ල වන දුරකථන සමාගම අතිවිශාල මුදලක් වැයකරමින් සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් ද දියත් කරමින් සිටියි. ෆේස්බුක් පේජ් ද මේ සදහා හවුල් කරගෙන තිබේ.
එපමණකින් නොනැවතී දත්ත මගඩියේ චෝදනාව රජයේ ආයතනවලට යොමු කරවන අතර දේශපාලකයන් ලවා මාධ්‍ය හමු සංවිධානය කරමින් තමන් කිසිදු වරදක් නොකළ බව පැවසීමට උත්සහ දරමින් සිටියි. මේ හමුවේ තමන් ඇතුළු රාජ්‍ය ආයතවලට එල්ල වෙන මෙම පදනමක් නැති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමේ අසාමාන්‍ය ප්‍රතිපත්තියක් මේ වනවිට රජය අනුගමනය කරන බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දේ.