
අද (14) සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා ඇත්තේ දිගින් දිගට කල්තැබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන දින උදේ 4 න් පසු යළිත් දීර්ඝ කිරීමට රජයේ අදහසක් නැති බවයි.
ඇය පැහැදිලි කළ ආකාරයට ලොක්ඩවුන් ක්‍රියාත්මක වීම නිසා ආසාදිතයින්ගේ අඩුවීමක් නිශ්චිත වශයෙන්ම අත්දකින්නට හැකිවූ බවත් එය මරණ වල අඩුවීමටද බලපෑ බවයි. එබැවින් වසා තැබීම සාර්ථක ප්‍රතිඵල අත්කරදුන් බව ඇය කියා සිටියාය.
එන්නත්කරණය මෙන්ම අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 21 වනදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට හැකිවනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval