
කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලි කාමරයක තිබී අත්බෝම්බයක් හමුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග අද වාර්තා කළේය.
පොලිසිය පැවසුවේ අත්බෝම්බය රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබියදී එය දැක ඇති අයෙකු සැකයට කළ පැමිණිල්ලක් මත සොයාගත් බවයි.
මේ දිනවල ප්‍රභූන් ඇතුළු විශාල පිරිස් අදාළ පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ
මෙකී අත්බෝම්බය සොයා ගැනීමෙන් පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර රෝහල සහ ඒ අවට ආරක්ෂාව තර කර ඇතැයිද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval