
දැනට ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු සුපිරි ක්‍රීඩක
රුවන් කල්පගේ එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස තෝරාගෙන තිබේ.
ඒ සඳහා කල්පගේ ඔක්තෝබර් 3 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතය. ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ හිටපු නායක දුලිප් මෙන්ඩිස්ය. ඔහු සමග කල්පගේ අත්වැල් බැඳගනු ඇත.
ලබන ඔක්තෝබර් 7 හා 8 දිනවල ශ්‍රී ලංකාව හා ඕමානය අතර විස්සයි 20 තරග 2 ක් පවත්වන්නටද නියමිතය.
2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඔක්තෝබර් 17 වැනිදා සිට ඇරඹෙන අතර එහිදීද ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය.

Comments
Post a Comment
Your comment will be visible after approval