
උසාවියට අපහාස කළ චෝදනා මත වසර 4 ක සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය නිදහස වෙනුවෙන් කිහිපදෙනෙකු හරහා ජනපති සමාව ඉල්ලුම් කළ නමුත් මේ දක්වා ඊට ඇහුම්කන් දීමක් සිදුව නැත.
ඔහු හමුවීමට ඊයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන යන දෙදෙනා හමුවේ රන්ජන් දන්වා ඇත්තේ තමා සිරමැදිරියේ ‘දේශපාලන සිරකරුවෙකු‘ ලෙස දඩුවමක් විඳින බවයි. එසේම තමන්ගේ නිදහස වෙනුවෙන් මානව හිමිකම් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙතද පැමිණිල්ලක් කරන ලෙස ඔහු දන්වා ඇත.
ඊයේ රන්ජන්ගේ තොරතුරු විමසා එළියට පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ ගැන මාධ්‍ය වෙත හෙළිකර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval