
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
එහි මෙසේ දැක්වේ.
● 2021 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 10 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සැම රියදුරු බලපත්‍රයකම් වලංගු කාලසීමාව එහි කල් ඉකුත්වන දින සිට මාස දොළහක් (12) මෙයින් දීර්ඝ කරනු ලැබේ.
●2021 ඔක්තෝබර් මස 1 වන දිනයන් ආරම්භ වි 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව එකී කල් ඉකුත්වීමේ දින සිට මාස හයකින් (6) මෙයින් දීර්ඝ කරනු ලැබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval