
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය තුළ COVID-19 රෝගීන් වාර්තාවීම හේතුවෙන් ස්වයං හුදෙකලා වී සිටින බව ක්‍රෙම්ලිනය දන්වා තිබේ.
පුටින් තමාගේ දෙවන COVID-19 ස්පුට්නික් එන්නත අප්‍රේල් මාසයේදී ලබා ගත් බව දන්වා ඇත.
ටෝකියෝ ක්‍රීඩා උළෙල නිමවා ආපසු පැමිණි රුසියානු පැරාලිම්පික් ක්‍රීඩකයින් පිළිගැනීමේ උත්සවයකට පුටින් ඇතුළු කාර්ය මණ්ඩලය පසුගියදා සම්බන්ධව සිටි අතර මෙහිදී රෝගය කාර්ය මණ්ඩලය වෙත යොමුවී ඇතැයි දැනට සැක කෙරේ.
අඟහරුවාදා පුටින් තජිකිස්ථානයේ නායිකා ඉමොමාලි රහ්මන් සමඟ පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදීද මේ රෝග තත්වය තහවුරු කර තිබේ. පුටින් පැවසුවේ තමා ස්වයං හුදෙකලා වී සිටින හෙයින් තමාට එළඹෙන කලාපීය සමුළුවකට දුරකථන ඇමතුමකින් සම්බන්ධ වීමට සිදු වන බවයි.
රුසියාවේ ස්පුට්නික් එන්නත COVID-19 ට එරෙහිව 92% ක් සාර්‍ථක බව මින් ඉහත වාර්තා පැවති නමුත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය විවිධ ප්‍රතිඵල පෙන්වීය.
(එන්පීආර් පුවත් ඇසුරිනි - gossiplankanews.com )
Comments
Post a Comment
Your comment will be visible after approval