
තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක බාහිරින් එන බලපෑම් පීඩන වලට ඔබ ගැහැනියක ලෙස මුහුණ දෙන්නේ කොහොමද?
එවැනි ප්‍රශ්න වලට මුහුණදීමේ ආත්ම ශක්තියක් මට තියෙනවා. මම ප්‍රශ්න වලින් පැනලා හැංගිලා ඉන්න කෙනෙක් නෙමෙයි. විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා. ගැහැණියක තනියෙන් ඉන්න කොට මිනිසුන් බලාපොරොත්තුවෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයින්ට මම පිළිතුරු දුන්න විදිහ ඒ මිනිසුන්ම දන්නවා.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් එහෙත් දැන් තියන වාතාවරණයත් එක්ක වෙන දෙයකට යොමුවෙන්න අදහසක් නැද්ද?
මට ජීවත්වීමට සාමාන්‍ය මුදලක් තිබුනාම ඇති. මහා පරිමාණයෙන් මම හොයන්න යන්න කැමතිනැහැ. ලද දෙයින් මම සතුටුවෙලා ජීවත් වෙනවා.
(වසන්ත විතාරණගේ - මව්රට පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකිනි)
රංගන ශිල්පිණී මේධා ජයරත්න මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. සියල්ල මෙතැනින්


Comments
Post a Comment
Your comment will be visible after approval