
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගියේ ය.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉතාලිය බලා පිටත්ව ගිය බවය.
එම සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහා රාජත්‍රාන්ත්‍රික හමුවීම පදනම් කර ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටුපළෙන් අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට තවත් යානයකින් ඉතාලියට යනු ඇත.
ඔහු සමග දූත පිරිස ලෙස 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval