
හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර සැත්කමකට බඳුන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතිවූ සංකූලතා මත නැවත රෝහල් ගත කර තිබේ.
සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා
මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සැත්කමක් සිදු කළ අතර පසුව ටික කලක් විවේකයෙන් පසුවිය.
නමුත් අසනීප තත්ත්වය උත්සන්නවී ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට පෙරේදා ඇතුළු කරන ලද බවද වැඩිදුර වාර්තාවේ. නමුත් මේ වනවිට ඔහුගේ තත්වය යහපත් බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලද බවත් රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුට නැවත ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval