ඇන්ටිජන් පරීක්ෂාවකට ඇල්පිටිය රෝහලට ගෙනා මළ සිරුරක් අතුරුදන්

Ad Code

ඇන්ටිජන් පරීක්ෂාවකට ඇල්පිටිය රෝහලට ගෙනා මළ සිරුරක් අතුරුදන්

elpitiya-dead-body

සිය බලප‍්‍රදේශයේ නිවසක මියගිය පිරීමි අයකුට කොරෝනා වැළඳී තිබෙනවාද යන්න සොයා බැලීම සඳහා ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමට පෙරේදා (13) ඇල්පිටිය මූලික රෝහලට රැගෙන ගිය මළ සිරුර අතුරුදන් වී ඇති බවට පැමිණිලිකොට ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.   මෙසේ අතුරුදන්ව ඇත්තේ ඌරගස්මංහන්දිය අටේ කණුව ප්‍රදේශයේ නිවෙසක මියගිය කුරුවිට විතානලාගේ ප්‍රේමතිලක නමැති හැත්තෑහත් හැවිරිදි තිදරු පියකුගේ සිරුර බව ද පොලිසිය කියයි..

අනුරාධපුර, දොරමඩලාව පාර, ගොනෑව, රඹෑව පදිංචිව සිටි මේ පුද්ගලයා සිය දියණිය පදිංචි ඌරගස්මංහන්දිය අටේ කණුව ප්‍රදේශයට පැමිණ සිටියදී එම නිවෙසේදී මියගොස් ඇති බවත් ඒ අනුව එම නිවෙසට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය අනුව මොහු මෙසේ හදිසියේම මියගියේ කොරෝනා රෝගය වැළඳීමෙන් දැයි  සොයා බැලීමට ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීමට මියගිය  තැනැත්තාගේ මළ සිරුර ඇල්පිටිය රෝහලට යොමුකොට ඇති බවත් පොලිසිය කියයි. 

ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහුට කොරෝනා වැළඳී නැති බව තහවුරු වීමත් සමගම පෙරේදා (13) පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව ඔහුගේ දේහය හදිසි මරණ පරීක්ෂකවරයා ඥාතීන් වෙත නිදහස්කොට ඇති බව ද පොලිසිය කියයි.  මේ මළ සිරුර බලප්‍රදේශයේම මශාලාවකට රැගෙන යාමට ඥාතීන් බාරදී ඇති බවත් ඒ අනුව ඔවුන් මශාලාවට  ගොස් බලනවිට ඔහුගේ මළ සිරුර එහි තිබී නැති අතර එහි තිබී ඇත්තේ වෙනත් රෝහල් දෙකකින් ගෙනා මළ සිරුරු දෙකක් බවත් පොලිසිය කියයි.


මේ මළ සිරුර කොරෝනා රෝගියකුගේ යයි සිතා ආදාහනය කර ඇත්දැයි යන්න පිළිබඳව සොයා බලන බව ද පොලිසිය කියයි. මේ පිළිබඳව ඇල්පිටිය මූලික රෝහලෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කීවේ සිය රෝහල් මෘත ශරීරාගාරයේ ද මේ මළ සිරුර නැති බවත්ය.  මළ සිරුර බාර දුන්නා යැයි කියන මල්ශාලාවෙන් මේ පිළිබඳව විමසු විට කීවේ ඇල්පිටිය රෝහලෙන් තමන්ට එවැනි මළ සිරුරක් බාර නොදුන් බවය.  ඌරගස්මංහන්දිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 -එම්. සුසිල් ප්‍රියන්ත -




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu