covid-less-numbers-idh

මේ දිනවල පවතින කොරෝනා රෝගය පැතිරීම අවම මට්ටමකට ළඟාවී ඇති බව සිය රෝහලේ සංඛ්‍යාලේඛන මගින් පෙනී යන්නේ යයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක දන්වා තිබේ.




සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය රෝහලට කොරෝනා ඇතුළත්වීම් 180 ක් දක්වා පහත බැස ඇති බවත්
ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 70 සිට 30 දක්වා පහත වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ දිනවල කොරෝනා ආසාදිතයින් හා මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත මගින්ද පැහැදිලි අඩුවක් නිරීක්ෂණය වන නමුත් එකී දත්තවල විශ්වාසනීයත්වය සාපේක්ෂ අගයක පවතින නිසා වැඩිදුර තහවුරු කිරීම් සඳහා රෝහල් වල දත්ත සංසන්දනය වැදගත්වී තිබේ.
එසේ සලකද්දී  අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා ආසාදිතයින් හා දැඩි අසාධ්‍ය තත්වයට පත්වන්නන්ගේ අඩුවක් හඳුනාගැනීමට ලැබේ.