chmpika-ranawaka-speaks

සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

 "රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්මයා කියලා තියෙනවා පාසල් විවෘත කිරීම ආරම්භ කරනවා කියලා ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල්වලින්.ඇත්තටම ඒක ගොන් කතාවක්  පාසල් ආරම්භ කරන්න ඕන උසස් පෙළ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයින්ටයි, සාමාන්‍ය පෙළ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයින්ටයි. ඒ ශ්‍රේණි දෙකට තමයි පළමුවෙන් පාසල් ආරම්භ කරන්න ඕන.

ඒ වගේම විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන පාසල් ආරම්භ කිරීමට කලින්. අවම වශයෙන් විශ්වවිද්‍යාල අවසන් වසර ඉගෙනගන්න ළමයින්ට. ඒක කරන්න නම් මේ ෆයිසර් එන්නත මේ තරුණ ළමයින්ට ලබාදෙන්න ඕන.

 නැතුව මේ තමන්ට අවශ්‍ය පරීදි දේශපාලනය කරමින් තමන්ට අවශ්‍ය ප්‍රදේශවලට මේ ෆයිසර් එන්නත දීලා හරියන්නේ නෑ. අපි කියන්නේ මේ ෆයිසර් එන්නත ලබාදීලා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයින්ට මුලින්ම පාසල් ආරම්භ කරන්න. ඒක තමයි මේ අවස්ථාවේ. ප්‍රමුඛ වෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. ළමයි 100ට අඩුවෙන් ඉන්න ග්‍රාමීය පාසල්මේ  අවස්ථාවේ ආරම්භ කරලා වැඩක් නෑ. ග්‍රාමීයව අවම වශයෙන් 05 වසර දක්වා පමණක් තිබෙන පාසල්වල තමයි ළමයි 100ට අඩුවෙන් ඉන්නේ. ඒ නිසා ඒවා මේ අවස්ථාවේ ආරම්භ කරලා වැඩක් නෑ.

මුලින්ම ආරම්භ කරන්න ඕන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන ළමයි ලක්ෂ 03ක් වගේම සාමාන්‍ය පෙළ කරන ළමයි ලක්ෂ 03ක් නිවෙස්වල හිරවෙලා ඉන්නවා.

ඒ වගේ තීරණයක්වත් ගන්න බැරි අයද මේ ආණ්ඩු කරන්නේ. ඉතින් ළමයි 100ට අඩු පාසල් මුලින් ආරම්භ කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒවා මෝඩ තීරණ. ඒ වගේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වන්නේ කුමන දිනයේද කියලා නැවත තීරණය කරලා ඒ ළමයින්ට දැනුම් දෙන්න ඕන මේ ආණ්ඩුව. ඒ හරහා එම ළමයින් සිටින පීඩනයෙන් මිදෙන්න පුළුවන්”