ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජිවාගේ වැඩිමහල් දියණිය අංජලි රාජ්කුමාර් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් පහතින් දැක්වේ.

ජිවිතේ කොහොමද?  

මේ දවස්වල නම් ගෙදර තමයි.. සංගීත ප්‍රසාංග නැහැ. අපි පාඩුවේ මමයි, අම්මයි , නංගී social media හරහා කට්ටියව entertain කර කර ඉන්නවා..

අධ්‍යාපන ලබන්නේ?

සැහෙන්න ඉස්කෝල වලට ගියා.ඊටපස්සේ ඉන්දියාවට ගියා. ඉන්දියාවට  ගිහින් තමයි high study ඉවර කලේ. මම මඩකලපුව ඉස්කෝලේකටත් ගියා, මීගමුව එහෙකට ගියා.

කොරෝනා සංගීත ක්ෂේත්‍රයට කොහොමද බලපෑවේ?

සැහෙන්න මේක effect වෙලා තියනවා මම හිතන්නේ. මොකද සෙනඟ ගැවසෙන්න බැහැ. zoom app එක හරහා තමයි වැඩියෙන්ම shows කරන්නේ. live කරනවා වගේ එ feel එක එන්නේ නැහැ.මම අහපු දෙවල් බැලුාවම musician ලා loan අරගෙන ,වාහන අරන් ලීස් ගෙවන්න බැරිව අසරණ වෙලා තියනවා. අපිට අම්මාගේ salon එකක් තියනවා එකේ වැඩ කටයුතුතු ගොඩක් හිර වුනා මේ ටිකේ.


ජිවිතේ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද?
අම්මාට.



හේතුව
පොඩි කාලේ ඉඳන් අම්මානේ ඔක්කොම. අම්මා මගේ අම්මා විතරක් නෙමෙයි තාත්තා වෙලත් ඒ රෝල් එකත් මගේ අම්මා තමයි play කලේ. මම අඳින් පළඳින හැමදේයක්ම අම්මා දෙන දේවල් මට. අම්මාට වඩා දේයක් නැහැ ඉතිං.

අංජලි ජිවිතේ අභියෝග එනවා. සමහර තැන් වල ජිවිතේ බිංදුවටම කඩන් වැටෙනවා .ඒ වේලාවට ඔයාගේ අම්මා කොයි වගේද?
මගේ අම්මාගේ හයිය අපි. එක අපි දන්නවා. අපිටත් අපේ එකම හයිය අම්මා. හැබැයි අම්මාව කඩලා කුඩු කරලා දලා බිංදුවටම වට්ටන්න බැ අපි ඉන්නකන්. අම්මා එ වගේ තැනට එකපාරක් නෙමෙයි සෑහෙන්න පාරක් වැටුනා. අපි එක අභියෝගයක් විදියට බාර ගන්නවා. මොනහරි ප්‍රශ්නයක් ආවොත් එයා හිතන්නේ එයා ගැන නෙමෙයි. එයා මෙකෙන් වැටුනොත් මේ දෙන්නා කොහොමද මේක handle කරගන්නේ කියලා හිතන්නේ. ඉතිං අම්මා හොඳින් ඉන්නවා නම් අපි auto හොඳින් ඉන්නේ. අම්මා bad mood නම් ගෙදර ඉන්න හැමෝම bad mood. එ වගේ ඉතිං අම්මා සතුටින් නම් එචච්රයි අපිට ඕනේ. අපි ඒ සතුට වෙනුවෙන් ඕනැ දෙයක් කරනවා.


දැනුවත්ව අම්මා දුක හංගගෙන මුණෙන් හිනාව පෙන්වනවා ඔයලා වැටෙයි කියලා. ඒ වගේ අත්දැකීම් තියනවද?
අනිවාර්යෙන් තියනවා. පොඩි කාලේ ඉඳන්ම එක තමයි තිබ්බේ. එයාගේ ජිවිතේ ගොඩක් complications තබිලා තියනවා. දැන් මට දුකක් තිබ්බොත් මම කියන්නේ නැ. අම්මාගේ effort එකම මට ඇවිත් තියනවා. හැබැයි නංගීව හදලා තියෙන්නේ අනිත් පැත්තට. ප්‍රශ්නයක් තිබ්බොත් නංගීත් එක්කත් කතා කරනවා. ජිවිතේ බරපතළකම කියලා දෙනවා. හැබැයි මම පොඩි කාලේ අම්මා ඒවා මොනවත් මට පෙන්නලා නැ. මම සෑහෙන්න දේවල් දන්නෙත් නැ.මගේ ආච්චි ,මගේ family එකේ අනිත් කට්ටිය තමයි මට ඒ දේවල් කියන්නේ. හිතේ තියන දුක එයා එළියට පෙන්නන්නේ නැහැ. අපේ ගමන එකක්. අපි තුන්දෙනෙක් වුනාට ගමන එකක්.


ගොඩක්දෙනා අංජලීට වඩා ආදරය කරන්නේ නංගීට?
ඔව් එක ඇත්ත. මම ගොඩක් හිටියේ ඉන්දියාවේ. එ නිසා මාව ගොඩක් අය දන්නේ නැහැ. නංගී ගොඩක් අයගේ ආදරය දිනාගත්තේ පොඩි කාලේදීමයි. එයා presenter කෙනෙක් වෙලා හිටියා. එතනින් තමයි හැමෝගෙම ආදරට නංගී දිනා ගත්තේ.

ගහගන්නේ කරන්නේ නැද්ද?

ඔව් අනිවාර්යෙන්. හැබැයි මෑත කාලේ ඉඳන් එහෙම නැ මොකද එයා දැන් පොඩ්ඩක් ලොකුයිනේ.

හැබැයි ආදරේ?


අම්මෝ ඕව්. නංගීගේ පළවෙනි වචනේ අක්කා. අම්මා නෙමෙයි. මොකද ඒ කාලේ අම්මා ගොඩක් වැඩ. කාර්යබාහුලයි.අම්මා හවස්වෙලා ගියාම shows වලට අයිත් ඊළඟ දවසේ තමයි දකින්න හම්බවෙන්නේ. එකත් ඉස්කොලේ ගිහින් ආවට පස්සේ. ඉස්සෙල්ලාම නැව්වේ මම. එතකොට ඉඳුල් කට ගැවේ මම. ඇවිද්දවේවේ මම.  නංගි හම්බ වෙනකොට වෙනකොට මට වයස හතයි. ඒ වෙලාවේ මට ඕන කවුරුහරි එක්ක අල්ලන සෙල්ලම් කරන්න ,හැංගි මුත්තන් සෙල්ලම් කරන්න. මම අම්මගෙන් ඇහුවා මෙයා මුකුත් කරන්නෙ නෑනෙ කියලා අවුරුද්දක් ගියා එක හමාරක් ගියා ඒත් ඒ වගේමයි .අපේ චරිත පොඩ්ඩක් බෙදිලා තියෙන්නේ අනිත් පැත්තට  . එයා මගේ වයස මම එයාගේ වයස වගෙයි .


ඉන්දියාවේ ඉඳලා නැවතත් ලංකාවට එන්න හිතෙන්නේ ඇයි ?

මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරල මම මෙහෙට ආවා.
 
එක්  කියන්නේ කවද හරි ලංකාවෙම ගායකයෙක් වෙන්නද බලාපොරොත්තුව තිබුනේ?
 
මගේ එහෙම කිසිම ප්ලෑන් එකක් තිබ්බ නැහැ. මම කරේ engineering .මට ඉන්ජිනියර් කෙනෙක් වෙලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්නයි ඕන වුණේ .අම්මට ඕන වුණා අර මුකුත් කරන්න එපා ඔයා චිල් එකේ ඉන්න .මොකද අපි අවුරුදු හතක් එකට හිටියේ නැහැ. ඒ පාළුව නිසා වෙන්න ඇති අම්මා එහෙම කියන්න ඇත්තේ එයාට ඕන වුණේ ලගින්ම තියා ගන්නයි මාව. අම්මා කැමති නැහැ මම regular job එහෙකට යනවට.අපි හරිම ආසාවෙන් entertain පැත්ත කරනවා .ඉතිං ඒක නිසා අම්මා කියන්නේ ඒක කරන්න කියලා. ඔයා ආදරේ කරන දෙයක් කරන්න කියල තමයි කියන්නේ .පොඩි කාලෙත් එහෙමයි මට ඉස්කෝලේ යන්න, පාඩම් කරන්න කියලා වද දීලා නැහැ .

ඒ ආසාවට ද ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කියලා තීරණය කළේ ?

ඔව්. මගේ ආසාවට කියන්නේ අර තව කෙනෙක් ඉංජිනයර් කෙනෙක්  වෙනවා දැකලා මාත් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ අන්න ඒ වගේ ආපු එකක් තමයි ඒක . මම ඉන්දියාවෙත් වැඩ  කළා.ඒත් අදාල නැති දෙයක් කළේ. මම Tamil  industry එකේ වැඩ කළා.මෑන් පවර් කෙනෙක් හැටියට .කම්පැනි තුනක වැඩ කළා එහෙදි කරලා තමයි මෙහෙට ආවේ .

ආදරය සුන්දර වරදකි ද?
 නැහැ .

හේතුව ?

දෙයියො ලස්සන ජීවිතයක් දීලා තියෙනවා .මම කියන්නේ ආදරේ හොඳ ඇති. ඒත් ඉතින් පොඩ්ඩක් complicate වෙනවා ජීවිතේ. තව කෙනෙක් ආවහම ඒ කෙනා ගැන හිතන්න ඕනේ.ආදරේ කරලා තියනවා .


ඒ තුළම එපා උනාද ?

ඔව් ඇත්ත කතාව .මෙහෙමයි අන්තිමට ඒකෙන් මොනාහරි  හොඳ විදිහට ඉවරයක් වෙනවා නම් අන්න ඕකේ ෆයින් . සෑහෙන්නම වෙන්නේ fail .ඉතින් එතකොට අපරාදේ ඒ කරපු ආදරේ ,ඒ කරපු කැප කිරීම් ඒ ඔක්කොම අපරාදේ. ඉතින් ඒක එයාට දුන්නට වඩා මං මටම දුන්න නම් මගේ confidence  එක වැඩි වෙනවා. .තනියෙන් ඉන්න එක හරි සතුටුයි වගේ.

පුළුවන්ද?

ඔව් අනිවාර්යෙන් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ මේ මම ඉන්නේ.



දැන් මේ ජීවිතය හොඳම කාලේ ගෙවිලා යනවා. අවුරුදු කිහිපයකින් විවාහ ජීවිතය කියන එක මේකට යන්න ඕනනේ. එහෙම කතන්දරයක් තියෙනවානේ?
 
ඔයා කිව්වනේ හොඳම කාලේ  ගෙවිලා යනවා කියලා. හොඳම කාලේ තමයි ජීවිතේ ඉන්න ඕන මෙහෙම.හොඳම කාලෙදි තමන් වෙනුවෙන් කර ගන්න ඕනේ .අපි හරි complicated .අපේ ජීවිතේ  පොඩ්ඩක් එළියට පෙන්නන්න පුළුවන් දේවල් පෙන්නන්න බැරි දේවල් ඒවා තියෙනවා .අපි කොච්චර දුකින් හිටියත් ඒක සමහර වෙලාවට පෙන්වන්න බැහැ .අපි ඉන්න ඕන විදිහක් තියෙනවා. ඒකත් එක්ක එන කෙනාට ඉන්න පුළුවන් වෙයි ද ඒක තමයි ප්‍රශ්නේ .සමහර වෙලාවට මම කවුරු හරි කෙනෙක්ට ආදරය  කරනවා නම් මෙතනින් මට පොඩි වචනයක් පැන්නොත් ඉවරයි නේ . ඊට පස්සේ කියයි මගේ අම්මා බැලුවා මම බැලුවා. දැන් මම  මොනවද කරන්නේ කියලා අහයි අතනින්. ඒ වගේ මට වෙලා තියනවා  .a to z තේරුම් ගන්න පුළුවන් නම් කමක් නැහැ .


මම දැකල තියනවා මේ කාලේ මගේ යාලුවෝ මාර දුකක්නේ විඳින්නේ. අඬනවා අඬනවා මම යනවා මම සනසනවා. මම හිතන්නේ ඒගොල්ලෝ සනසලමද කොහෙද මම මේ තීරණය අරගෙන තියෙන්නේ. මාත් කාලයක් එහෙම හිටියා. ඒත් දැන් මට හිතෙනවා මෙහෙම ඉන්න එක කොච්චර හොඳද කියලා .මට කිසි දුකක් නෑනේ .මම ආදරයට against  නෑ.

මගේ first  boyfriend ඉන්දියාවේ .ඔය මං දැන් describe කළේ ඒ කියන්නේ  පසල් තියනවනෙ .පසල් දෙකක්  අර ෆිට් කරාම හරියට සෙට් වෙන්නේ අන්න ඒ වගේ අපි දෙන්නා .අපි ආදරේ කරපු එ  කාලෙ අතරේ එක රණ්ඩුවක්වත් ඇවිල්ල නැහැ. ඒ මොකද එච්චරටම understanding .ඉතින් මම මෙහෙ ආපු නිසා long-distance නිසා ඒක හරි ගියේ නැහැ. එතැනදී එක තැනකදි ආව කොල්ලගෙ ගෙදර යන්න ඕනේ බැඳලා.  ඉතිං අම්ම දාලා යන්න බැහැනේ .මම ආව විතරයි ඉතිං මට ඒක හරි ගියේ නැහැ .ඊට ඊට පස්සෙත් මම ආදරේ කලා. සෑහෙන්න complicated.  අඬා  වැළපීගෙන හිටියේ මම .


හිතුන නැද්ද මේ මොන ආදරයක් ද අනේ මට මැරෙන්න ඕන කියල හිතුනෙ නැද්ද ?


මැරෙන්න තරම් ගියේ නෑ.. අම්ම පවුනේ .අම්මත් එක්ක වලි ඇදලා මම මැරෙන්න ගිහින් තියෙනවා .අම්මා මාත් එක්ක තරහ උන වෙලාවට මං මැරෙනවා කියලා බය කරනවා.  හැබැයි අර මම කලින් කිව්වෙ අම්මා දේවල් දේවල් හංගනවා වගේ මට දැන් ප්‍රශ්න තියෙනවා කියමුකෝ boyfriend එක්ක. මට ඒක දැන් පෙන්නන්න බැහැ.මම ඉන්නවා සද්ද නැතුව. අම්මා එනකොට අම්මා පොඩ්ඩක් මන් දිහා බලනව බලල ආයු ඕකේ  මම දන්නවා තව ඕකේ දෙකක් එහෙම අහද්දී ඉබේම කඳුළු එනවා කියලා මම දන්නවා .අම්මා read කරලා කිව්වා මේක ඔයාට හරි අමාරුයි.මට අවස්ථාවක් තිබ්බ මම physically ලෙඩ වුණා .ඉතින් එහෙම ආදරයක් ඕනෙද මම අහන්නේ .

මොකද මම දැන් සෑහෙන්න කාලයක් තිස්සේ තනියම ඉන්නවා. මට මේක හරිම සතුටුයි හරිම නිදහස් .මට එපා ආදරේ. බඳින්නම ඕනෙ නැහැ. මම අම්මව බලාගෙන අම්මත් එක්කම ඉඳලා ඔහොම මම යනවා .මගේ කියලා මොනා හරි හදලා ඉන්කම් එකක් තව කොච්චර දේවල් කරන්න තියෙනවා ද මේ බඳිනවා හැරෙන්න .ආදරය නෙමෙයි ඔක්කොම ජීවිතේ කියන්නේ .

ඇයි මේ අම්මගෙම ගීත ගායනා කරනවා ද ඉස්සරහට තමන්ගේම මොනාහරි මොනා හරි බලාපොරොත්තුවක් තියෙනවද?

මගේම සින්දු හදන්න ඕනේ .මම හදලා තියෙනවා මගේ කන්සෙප්ට්ස් දෙකක්  මගේ හිතේ තියනවා අදාළ මේ දේ ගැන සිංදුවකුයි මේ දේ ගැන සිංදුවකුයි මගේ හිතේ තියනවා .මම ඒවා වල වැඩ කටයුතු පටන් ගන්න කියල music producers ලා දෙන්නෙක්ට කියලා තියෙනවා. ඉතින් මම ඉන්නව සිංදුව එනකන් .



රංගනයට එන්න අසාවක් නැද්ද ඇරයුම් ඇවිල්ල නැද්ද?

ඇරයුමක් ඇවිල්ල තියෙනවා. ඉස්සරහට බලමු.

 
ඒක රංගනයට කැමැතියි ද ?

ඔව් රංගනයට කැමැතියි.. මගේ ප්‍රධානම දේ තමයි singing නේ .ඉතින් අලුත් දෙයක් අභියෝගයක් බාර ගන්න මම හරි ආසයි.මට ෂුවර් නම්  මට ඒගොල්ලොන්ගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් කියලා අන්න එහෙම නම් විතරයි මම  වැඩකට ඕකේ කියන්නේ .ඉතින් මම ඕකේ කියලා තියෙනවා එක වැඩකට තව ඉස්සරහට බලමු.




දැන් මම පුංචි ප්‍රශ්න ටිකක් තහනම තනි උත්තර දෙන්න ඕනේ? ලංකාවේ නළුවෝ එන්නම සෑහෙන්න ඔබ ආදරේ කරන නලුවා කවුද ?

එහෙම නැහැ ඉතින්.. හැබැයි නිළියන්ගෙන් නම් මම ශනුද්‍රිට ආසයි.මම එ ෆැමිලි එකේ තුන් දෙනාටම ගොඩක් ආසයි .ශලනි තාරකාට ආසයි .


එතකොට ගායකයන්ගෙන් ?

ඔක්කොමලාට වගේ ආසයි මම .කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ කාලේ මම ගොඩක් ආසයි යුකීගේ සින්දු වලට.මේ දවස් වල ගොඩක්ම ඇහෙන්නේ එක පිට එක යුකීගෙ  සින්දු තමයි ඇහෙන්නේ .

females ලාගෙන්  උමාරට සහ උමාරියාට .වොයිස් ටීන්ස් එකෙන් ආපු කට්ටියටම  ගොඩක් ආසයි..

 
කවුරු හරි කියනවා ඔබට ගැලපෙනම කෙනෙක් ඔබව තේරුම් ගන්න කෙනෙක් අර පසල් එක හරියටම ගැලපෙන කෙනෙක්. අම්මව අයින් කරන්න කියනවා. මොකද කරන්නේ ?


බායි තමයි .මම අර කිවුවේ මට හරියටම පසල් එකක් හම්බ උනානේ.. ඒත් හරි ගියේ නෑ.. ඒ ඇයි ඒ

ඉතිං ඔන්න ඔය වගේ තමයි අම්මට තියෙන ආදරය.අපි  අම්මාට තියෙන ආදරේ ගැන තමයි අද කතා කළේ .


ඉතිං ඉතිරි වැඩ කටයුතු ගැනත් මොනා හරි කියමුකො ?


මෙතනින් පස්සේ ඉතින් ගොඩක් ප්ලෑන්ස් තියනවා .music පැත්තෙන් තව අලුත් ඇටැම්ස් ටිකක් තියනවා ඉස්සරහට. මම අලුතෙන් presenting කළා. තාමත් කරනවා .presenting කරපු වෙලාවේ මට පොඩ්ඩක් ත්  ෂුවර් නෑ මම බයේ ගියේ .
ඒ වගේ තව අභියෝගයක් මම ඉස්සරහට බාර අරගෙන තියෙනවා.. ඒක රහසක් .මොකද තාම එක පටන් අරගෙන නැහැ .


Anjali  Rajkumar කියන්නේ Singer කෙනෙක් කියලා අපි කියනවානේ .ඒකම වෙනස් වෙන්න පුළුවන් දෙයක්ද?



ඒක කියන්න බෑ ඉතින් අපි බලමු .ජීවිතය හරි unpredictable නේ..  දැන් යද්දි මොනවා වෙයිද දන්නෙ නෑ .මොන දේ වුනත් සතුටින් ඉන්නවා .


අපේ මිනිස්සුන්ට හොයාගන්න බැරිත් එක නේද කොහොමද ඔයා එක හොයා ගත්තෙ ?
මම හිතන්නේ ඒක auto එන්න ඕන දෙයක්.දුකක් නැති වෙලාවක් නැහැ දුකක් ආවොත් එහෙම ඒ දුක විඳිනවා නැතුව නෙමෙයි.. හැබැයි ඒකෙත් පැයක් ගමුකො. .ඉතිං ඒ පැයේ දී එක විනාඩියක් නැද්ද මොනවා හරි ජොලි දෙයක් වෙන .ඒක අරගෙන ඒක main කරගන්න ඕනේ .ඒක තමයි මගේ තියරි එක .


මට මතකයි මගෙ අම්මා ඉන්ටවිව් එහෙක කිව්වා මම ඇවිල්ලා මගේ Instagram එකෙ බයො එක තියෙන්නෙ එකෙක් දාලා තියෙන්නේ happy human being කියලා .සතුට කියන දේ හැම හැම තැනම තියනවා. ඒක අපිට මිස් වෙනවා. අපි focus කරන්නෙ අයියෝ අවුල් අවුල් වෙයිද ඒ වගේ නෙගෙටිව් දේවල් වලට තමයි අපි focus කරන්නේ හැබැයි එහෙම නැතුව අර මම කිව්ව වගේ පොඩි එක දෙයක් ඇති සතුටු වෙන්න .හැබැයි අපේ මිනිස්සුන්ට ඒක හොයාගන්න හරිම අමාරුයි.

මොනවා හරි දුකක් වුනත් ඒක පිටිපස්සේ හේතුව තියෙන්නේ ඒක අනිවාර්යෙන් මොනවා හරි විදියකට හොඳක් තියෙනවා'  බැරිම තැන නම් ඔයා at least ඔයා ශක්තිමත් කරයි ඒක .

වීඩියෝව - කෝනාර ව්ලොග්ස්