
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇති බවයි.මුලදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවන් 30ත් 40ත් අතර සංඛ්‍යාවක් දිනපතා ඇතුළු කෙරුණු නමුත් දැන් ඒ ගණන 10ත් 15ත් අතර දක්වා පහත බැස ඇති බව ඔහු කීය.
නමුත් මෙම අගය භයංකර ලෙස මෙයට සති දෙකකට පමණ පෙර දෙසීයේ සීමාවට ළගා වී තිබූ බව ද මෙම අඩුවීම සතුටුදායක ආරංචියක් බවද ඔහු විග්‍රහ කලේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 3කි. එම සංඛ්‍යාව පසුගිය කාලයේදී 6 දක්වා ඉහළ ගොස් තිබූ බව ඔහු දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval