
ගාල්ල කළුවැල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍ය කන්‍යා සොයුරියකගෙ මළ සිරුරක්
කන්‍යාරාමයේ ඉහළ මාලයේ ජනේලයක එල්ලී තිබියදී පෙරේදා (14) රාත්‍රියේ සොයා ගත් බව ගාල්ල පොලීසිය පවසයි. මීගමුව පොලිස් වසමේ, කිඹුලපිටිය දමින්නගහවත්ත පදිංචි 25 හැවිරිදි තරුණියක මෙසේ මියගොස් ඇත.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම තරුණිය කන්‍යා සොහොයුරියක් වීම සදහා ඉගෙන ගැනීමට පසුගිය ජනවාරි මාසයේ පැමිණ ඇති අතර තමාගේ පුද්ගලික කටයුතු අවසන් කිරිමෙන් පසු තම නිවුන් සහෝදරීය සමග පෙරේදා (14දා) රාත්‍රී 9.30 පමණ වන තෙක් රූපවාහිනිය නරඹා ඇත.
පසුව සහෝදරිය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමග
පාඩම් කිරිමෙන් අනතුරුව නිදන කාමරයට ගොස් ඇති අතර එවිට ඇය නිදන කාමරයේ නොසිටි නිසා සියලු දෙනා එක්ව සොයා ඇත. එවිට ඇයගේ සිරුර කන්‍යාරාමයේ ඉහළ මාලයේ ජනෙල් තිර එල්ලීම සඳහා සකස් කරන ලද ලී රදවනයක සාරියක් එල්ලී තිබෙනු දැක ඇත.
ඇය එල්ලී මියයාම දිවිනසාගැනිමක්ද නොඑසේ නම් වෙනත් දෙයක්දැයි පැහැදිලි නැත.
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදී ඊයේ (15දා) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(රවිදු දීයගහගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval