
කොවිඩ් 19 වෛරස ආසාදනයවී සිටින අය අතර කළුදිලීර රෝගය වර්ධනයවීම මීට කලකට පෙර ඉන්දියාවේ දරුණු ගැටලුවක් මතු කළ අතර ඒ හේතුවෙන් ඇස් අන්ධවීම හා මියයාම දක්වා අහිතකර මට්ටම් පෙන්නුම් කරන ලදි.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ ශ්‍රී ලංකාවෙන්ද දැන් දැන් කළු දිලීර රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් හමුවී ඇති බවයි.
කොවිඩ් 19 වෛරස ආසාදනයට සෘජු බලපෑමක් නැතිව දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම හේතුවෙන්ද මෙරට තුළ “කළු දිලීර” ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබූ බවට මින් ඉහත මාධ්‍ය වාර්තා පළවිය.
එකම මුව ආවරණය හා අපිරිසිදු මුව ආවරණ තවත් මාරාන්තික රෝගයකට අත වනයි
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින එක් ආසාදිතයෙකු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බව වාර්තා වේ.
එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසක මෙම දිලීරය ආසාදනය වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පසු මෙම ලක්ෂන මතුව ඇත.
එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මින් පෙර මෙම දිලීරය පිළිබඳ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තාවූ තොරතුරු වලින්ද කියැවුනේ කොරෝනා රෝගය සුවවීමෙන් පසු මෙම ලක්ෂණ මතුවන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval