bandula-5-percent

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  ඊයේ (12) දෙරණ බිග් ෆෝකස් රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය. එය බොහෝදුරට ලබන නොවැම්බරයේ ඉදිරිපත්වන ඊළඟ අයවැයේදී නියම කරනු ඇතැයිද ඔහු අදහස් පළ කළේය.
ඇමතිවරයා ඒ ගැන මෙසේ කීය.
‘ඉස්සරහට බලාපොරොත්තු වෙනවා විදේශ ආයෝජන වගේම ස්වජාතිකයින් සතු මුදල් මෙරටට ගෙන්නගන්න මෙම අයවැය ලේඛනයෙන් වැඩසටහන් රාශියක් හඳුන්වලා දෙනවා. අනිත් එක මේ මූල්‍යමය තත්වය තුළ ජනතාවගෙන්ම අරන් ඕන ජනතාවට දෙන්න.
කවුරුවත් මේ මුදල් ගෙවන්නෙ නැහැ. මම නම් මේ මුදල් ඇමති තුමාට යෝජනා කලේ ඇත්ත කියලා රටේ ආදායම අඩුනම් මෙක යන්න බැහැ. ඒ සඳහා විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා බව ජනතාවට කියලා අඩුම තරමේ  සමාජ සංරක්ෂණ දායක මුදල කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ.

ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් මේක අයකරන්න ඕන.
එතකොට අන්ත අසරණ දුප්පත් සාරවිටක් විටක් විකුණන කෙනෙක්ට මේක නැහැ. ලක්ෂෙකට වඩා වැඩි ආදායමක් තියෙන සියලුම දෙනා  සියයට 5 කවත් බද්දක් ගෙවන්න තාවකාලික වශයෙන් කෙටිකාලීනව ගෙවන්න මං යෝජනා කළා. මේක කොවිඩ් බද්දක් කියනවට වඩා හොඳයි සමාජ සංරක්ෂණ දායක මුදල කියලා කිව්වොත්‘
බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එසේ කී අයුරු හඩ පටය පහතික්