
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය කොරෝනා රෝගය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.
ඇය ඇතුළු ආදි වාසීන් 44 දෙනෙකුට කොරෝනා ආසාදිත බව දඹානේ ආදී වාසී ගම්මානයේ 115 කට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පසුගිය 29 වනදා හඳුනාගෙන තිබූ අතර මහියංගණ රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුව තිබුණි.
අනතුරුව ඇයගේ තත්වය අසාධ්‍යවීම නිසා මහියංගණ රෝහලෙන් පේරාදෙණිය රෝහල වෙත මාරු කරන ලද අතර ඇය ඊයේ මියගියේ එහිදීය.වකුගඩු රෝගයකට ඖෂධ ලබමින් සිටි කාන්තාවකද වූ බව කියන හීන් මැණිකා කොවිඩි නිව්මෝනියා තත්වය නිසා මරණයට පත්වූ බව වෛද්‍යවරුන් දන්වා තිබේ.
හීන් මැණිකා මහත්මිය දරුවන් 9 දෙනෙකුගේ මවකි. ඇය රෝග ලක්ෂණ පෙන්වන්නට පෙර සතියේ ඉතාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවූ බවත් ඇසළ පෙරහැර වෙනුවෙන් සාම්ප්‍රදායික මීපැණි පූජාව සිදු කිරීමට පසුගිය මස 18 වනදා දළදා මාළිගාවේ පැවති වතාවත් සඳහා පවා සහභාගී වූ බවත් වන්නිල ඇත්තන් මාධ්‍ය වෙත දන්වා තිබුණි.
( gossiplankanews.com )

Comments
Post a Comment
Your comment will be visible after approval