
කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන ඒන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වන විට ඒන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද ඒන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.
ඒමෙන්ම ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,පනාගොඩ යුද හමුදා කඳවුර ,වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval