
නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් විසින් ලබාදුන් ඔත්තුවක් මත සිදු කළ වැටලීමකදී
ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ඉදිරිපත් කර විදේශගත වීමට උත්සාහ කළ කොවිඩ් ආසාදිත වූවන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
QR 665 හා QR 669 දරන කටාර් ගුවන් සේවයට අයත් යානා වලින් කටාර් වෙත යාමට උත්සාහ කළ මොවුන් රෝගය අවසන්ව සෘණාත්මක වාර්තා ලබාගැනීමට කල්ගතවන බැවින් කොවිඩ් ආසාදිතයන් නොවන බවට ව්‍යාජ වාර්තා සකස්කර ඇතැයි වාර්තාවිය.
මහජන පරීක්ෂකවරුන්ගේ අනුදැනුමකින් හෝ රෝහලක අනුදැනුමකින් තොරව නිවෙස්වලට වී කොරෝනා සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ලබාදුන් නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් මෙම කටයුත්ත සිදු කර ඇත.
ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ඉදිරිපත් කරමින් කොවිඩ් ආසාදිතයන් දහ තුන්දෙනෙකු විදේශගත වීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන බවට නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් 119 අංකයට පැවසූ තොරතුරක් මත කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
අල්ලාගත් සැකකරුවන් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර ඇති අතර නිවැරදි පී.සී.ආර්. වාර්තා ලබාගෙන නැවත ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දී ඇත.
මෙම පිරිස නැගෙනහිර පළාතේ පදිංචි අය වන අතර ඔවුන්ගේ නම් මෙසේය. මොහොමඩ් අන්වර්, මොහොඩ් රුවාස්ඩීන්, මොහොමඩ් අන්සාර් අර්ෂාද්, හුදෙස් අන්සාර්, මොහොමඩ් හිල්මි, මොහොමඩ් සිද්ධික්, අබ්දුල් ලතිෆ් මොහොමඩ්, මහමුද් යුෂුප්, මොහොමඩ් සරා, මොහොමඩ් උම්ටා, ෂහිඩ් ෆුර්ඩීන්, අලියාර් ෆාතිමා, මොහොමඩ් හුසෙයින් ඉර්ෆාන්.
Comments
Post a Comment
Your comment will be visible after approval