The-recipe-to-reduce-waste-and-increase-profits

ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාව පිළිබඳව, ප්‍රවීණ කළමනාකරණ උපදේශක සහ ලේඛක දීපාල් සූරියආරච්චි මහතා විසින් තැබූ සටහන.
අද රට පත්ව ඇති ආර්ථික ගැටලුවට සමාන හැඩ තල ඇති ගැටළු රැසකට මුහුණ දුන් සසිරි බිස්කට් ව්‍යාපාරය යලි ලාභ ලබන තැනට පත්වීමේ කතාන්තරයයි ලීන් පෙරළිය.
මෙම ගමනේ ගාමක බලවේගය වී තිබෙන්නේ එදා ටොයෝටා සමාගම භාවිතා කළ, ඔවුන් නිර්ලෝභී ව ලොවට දායාද කළ ලීන් ක්‍රමවේදය යි.
එක දිගට කියවිය හැකි කතාවක් ලෙස පෙළ ගස්වා ඇති මෙම කෘතිය, විෂය කරුණු ඉදිරි පත් කරන්නේ වැඩමුළු සහ සංවාද තුළිනි. එනිසා ම එය ග්‍රහණය කර ගැන්මත් අවධානය එක ලෙස පවත්වා ගැන්මත් පහසු ය.
ලීන්  සිද්ධාන්තයන් ක්‍රමානුකූල ව පෙළගස්වා ඇත්තේ යම් ප්‍රමාණයකට ප්‍රචලිත එස් පහ ක්‍රමවේදයෙන් පටන් ගෙන, ව්‍යාපාරයක පාරිභෝගිකයාට සපයන වටිනාකම ඉලක්ක කරගෙන සමස්ත ක්‍රියාවලිය ම ආවරණය වන පරිදි දත්ත පාදක කරගෙන වඩාත් ප්‍රතිඵල දායක වෙනස් කම් තෝරා ගැනීමේ ක්‍රම වේදය දක්වා, දන්නා දෙයින් නොදන්නා දෙයට ත්, සරළ දෙයින් සංකීර්ණ දෙය දක්වා ත් පාඨකයා ගෙනයන විදු හුරු ආකෘතියකට වීම අගය කළ යුතුය.


වෙනසක් ඇති කරන විට ආයතනයක් තුළ විවිධ අභියෝගයන් ඇතිවන බව ද, ඒවා ජය ගැනීමට ආයතනයේ ඉහළම තැනින් සහාය සහ නායකත්වය ලබා දිය යුතු බව ද එ තුළින් බලා පොරොත්තු වන ප්‍රතිඵල ලබා ගත හැකි බවද කතුවරයන් විසින් යටි පෙළ අරුතක් ලෙස ඉදිරිපත් කර තිබීම වැදගත්ය.
ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයන ආයතනයන් හි අනුගමනය කරන පිළිවෙතකි සත්‍ය ව්‍යාපාරික සිද්ධීන් භාවිතයෙන් ඉගැන්වීම (case study method). ලීන් පෙරලිය එවන් ස්වරූපයක් ගනී.

ලීන් පෙරළිය සෑම ව්‍යවසායකයෙකුම, ව්‍යාපාරික නායකයෙකු ම, ආයතනික ප්‍රධානියෙකු ම අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් ලෙස මම දකිමි. විශේෂයෙන්ම මෙම කාල වකවානුවේ සමස්ත රටේ ම සියලුම ආයතනයන් ලීන් ක්‍රමවේද භාවිතා කර ගනිමින් ඵලදායීතාවය උපරිම තලයකට ගෙන ඒම මා දකින්නේ ජාතික අවශ්‍යතාවක් ලෙසය. එවන් උත්සාහයකට මෙම කෘතිය කදිම උත්තේජකයක් වන අතර ප්‍රායෝගික උපදෙස් රැසක් ම සපයා දෙයි. මෙම කතාව ටෙලි නාටකයක් ලෙස ප්‍රධාන ධාරාවේ රූපවාහිනී චැනලයක් තුළින් විකාශනය කරන්නට ඇත්නම් කියා පොත කියවන බොහෝ විට මට සිතුනි.

ලීන් පෙරළිය පිළිබඳ වැඩිදුර තොරතුරු >> https://iceesglobal.com/lean-peraliya/


Sponsored Article