The-government-has-given-permission-to-import-and-assemble-and-sell-vehicle-parts-in-Sri-Lanka

මේ දක්වා තහනම්ව පැවති මෙරට වාහන එකලස් කර විකිණීමට අවශ්‍ය අවසරය තහනම ඉවත් කර පුද්ගලික අංශයට ලබාදී ඇති බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීවේය.


 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙයට අවශ්‍ය අනුමැතිය ලබාදුන් බවත් ඔහු කීය.

"පැහැදිලිවම වාහන මිල වැඩිවීමක් තිබෙනවා. මෙරටට වාහන ආනයනය නතර කරේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා බව අපි සෑම කෙනෙකුම දන්නා කරුණක්.අපි ඉතාම බලාපොරොත්තු සහගතව සිටිනවා මේ රටේ කොරෝනා තත්වය ඉදිරි මාසයක දෙකකකාලයේදී පැහැදිලිවම අඩුවෙයි කියන කාරණය. දැන් ලෝකයේත් බොහෝ රටවල් තමුන්ගෙ සංචරණ සීමා ඉවත්කරමින් සමාජ පද්ධතීන් ලිහිල් කරමින් තිබෙනවා. ඉදිරි කාලයේ නැවත සංචාරඑක ව්‍යාපාරය යථාවත්වීම හරහා විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව යථාවත්වෙයි කියල බලාපොරොත්තු තිබෙනවා.
එතෙක් මෙරට වාහන එකලස් කිරීම සඳහා අවසරය කර්මාන්ත ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලබාදී තිබෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමා සිදු කරන්නේ."



කෙසේ වෙතත් මෙම වාහන එකලස් කිරීමේ නව කැබිනට් පත්‍රිකා අවසරය අනුව  වාහන ‘බඩ් කිරීම‘ හෙවත්
වාහන චැසි සහ බොඩි කොටස් වෙන වෙනම ආනයනය කර පසුව ලංකාවේදී එකලස් කර අලෙවි කිරීමට අවසරය ලැබෙන අතර
මේ දක්වා ඒ නිසා බදු වංචා කරමින් අයථා ලෙස මුදල් ඉපැයූවන්ට අනියම් අවසරයක් හිමිකර දී තිබේ.