
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුක් තුල සියල්ලන් දැවී ලකුණු 103ක් රැස් කළ අතර දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිල 14 වන පන්දු වාරයේ දී ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී තමන්ට නියමිත ඉලක්කය සපුරා ගන්නා ලදි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 30ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාවට පිවිසීමට නොහැකි විය.
පන්දු යැවීමේදී ශම්සි කඩුලු 03ක් සහ ඒඩ්න් මාක්රම් කඩුලු 03ක් බිද දැමීම විශේෂිතය.
9 වන පන්දු වාරයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවත් පසුව එය පහව ගියේය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ ජයත් 2 - 0ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval