පසුගිය මහමැතිවරණය ආසන්නයේ වර්තමාන ජනාධිපතිවරයා 2020 පෙබරවාරි මස අමාත්‍ය මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින්  උපාධිධාරීන් 52629 ක් වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසා සේවයට බඳවා ගත් නමුත් ඔවුන් නොසලකා හැර ස්ථිර කර නැතැයි පවසා තිබේ.  මේ බැවින් සැප්තැම්බර් 03 වැනිදා සිට 10 දක්වා විරෝධතා සතියක් පවත්වා ඒ ගැන රජයට බලකරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය දන්වා සිටී. එහි
ලේකම්වරයා පැවසුවේ  රුපියල් 20000ක් වැනි සුළු මුදලකට ඔවුන් කොවිඩ් අවදානම් තත්ත්වයේ හමුවේ වුවද සතියේ දින පහේම වැඩ කරන බවකි.


චක්‍රලේඛනවලටද පටහැනිව යමින් විවිධ රාජකාරි වල යයි පවසමින් මෙම උපාධිධාරීන් සේවයට කැඳවන බවත් ඔවුන්ගෙන් සේවය ලබාගත්තද ස්ථිර කිරීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව හෙතෙම කියා සිටියේය.
පුහුණුව අවසන් කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් 52629 දෙනා ස්ථිර කරන ලෙස සැප්තැම්බර් 03 වැනිදා සිට 10 දක්වා විරෝධතා සතියක් ආරම්භ කර අන්තර්ජාලය ඔස්සේ මෙම විරෝධතා සතිය පවත්වන බවත් එයින් පසුවද ඔවුන් ස්ථිර නොකරන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවත් දන්වා ඇත.