මීට කලකට ඉහත මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක් පවත්වන්නට ගිය අවස්ථාවක ජිප්සීස් නායක සුනිල් පෙරේරා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූ නිදහස් අදහස්වල අකුරු සටහන පහත පරිදිය.

අවුරුදු 50 කට කිට්ටු කාලයක්  සංගීත කණ්ඩායමකට එක හා සමානවම ජනප්‍රියත්වයක් රඳවා හරිම අමාරුයි.  gypsies තවම නොවෙනස්ව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් මේකට හේතුව?

ඔබ මාව හඳුන්වාදීමට කියපු දේවල් හොඳයි. ඒත් ඇත්ත ඇති සැටියෙන් බලමු. එහෙම බැලුවොත් මම දක්ෂ ගායකයෙක් නෙමෙයි. මට එහෙම දක්ෂතාවයක් නෑ. ගායනය පිළිබඳව දක්ෂතා තියන උදවිය ලංකාවේ මම හිතන්නේ වැඩි දෙනෙක් ඉන්නවා.
 සංගීත කණ්ඩායම් වල ඉන්න අය මට වඩා දක්ෂ අය. හඬ පාලනය කිරීම, යම්කිසි කොන්ට්‍රෝල් එකක් අනුව තමාට ඒ පාලනය කිරීමෙන් යුතුව ,යම්කිසි සංයමයකින් යුතුව හඬ හසුරුවා ගන්න පුළුවන් කෙනා තමයි දක්ෂ ගායකයෙක් කියන්නේ. මට එහෙම බෑ මම එහෙම දක්ෂ ගායකයෙක් නෙවෙයි. ජිප්සීස් කණ්ඩායම ගත්තත් ඊළඟ ගායකයා හැටියට ඉන්න පියල්. පියල්ටත් එහෙම ගායන හැකියාවක් නැහැ. ඔහුටත් සාමාන්‍යයෙන් සිංදුවක් කියන්න පුළුවන්. නමුත් අපිට යම්කිසි වාසනාවක් තිබුනා. ඒ වාසනාව කියන එක බෞද්ධාගමේ හැටියට කියන්නේ ‘පිනක්‘ තිබුණා. ඉතින් ඒ වගේම යම් කිසි දෙයක් හැමතිස්සෙම අනිත් අය කරනවට වැඩිය වෙනස් දෙයක් කරන්න අපි උත්සාහ කරනවා. එහෙම නැතුව අපිට විශේෂ දක්ෂතාවයක් නෑ. අපිට ඒ තිබුන යම්කිසි පින් බලෙන් තාත්තාගෙන් ලැබුණු එකක් හරි අපි කරගෙන යන ක්‍රියාවලියක් හෝ මා දකින්නේ ඒ දේ තමයි.. නමුත් අනිත් ගොඩක් උදවිය මම දන්නවා දක්ෂතා විශේෂ දක්ෂතා තියෙන උදවිය ඒගොල්ලොන්ට එහෙම සාර්ථකත්වයක් ලැබිලා නෑ. ඒ තරම් දක්ෂතාවය තියෙනවා නමුත් ඒ වාසනා ගුණය නෑ. නමුත් gypsies ලාට ඒ වාසනා ගුණය තියෙනවා.




ඔබ ඒ හදවතින්ම තමයි ඒ අහපු ප්‍රශ්නයට උත්තර දුන්නේ. මම හිතන්නේ ඒක හින්දම වෙන්නැති ඔබ තව තවත් ජනප්‍රිය වෙන්නේ?


ජනප්‍රියත්වය කියන්නෙත් බලයක්. ඒකත් මිනිස්සුන්ගෙ ආකර්ෂණය. මම කියවලා තියනවා පංගුවක් පොත් කිහිපයක්. නමුත් අපේ රටට නිදහස ලබලා දැන් අවුරුදු හැත්තෑවකට වැඩියිනෙ. අපේ රටට මම දකින්නේ කිසිම පිනක් නැති රටක්. මේක කොච්චර සුන්දර රටක්ද. නමුත් එතන ඉන්නේ නැතුව විවිධ රටවල් වලට යන්න දඟලන්නේ ඒ රටේ ජනතාව එතන ජීවත්වෙන ශක්තිය නැති නිසා, පිනක් නැති නිසා. කිසිම සිස්ටම් එකක් නැති නිසා. ඉතිං ජීවිතේටත් විවාහ ජීවිතේ ගත්තත් එය සාර්ථක නම් ඒකටත් පිනක් තියෙනවා. ඔබට දරුවන්ගෙන් කරදරයක් නැත්නම් ඒකත් ඔබට පිනක් තියෙන නිසා. ඉතිං ඒ දේවල් ඔබට ලැබිලා තියෙනවා නම් එය ඔබට වාසනාවක් තියෙන හින්දා තමයි සේරම ලැබිලා තියෙන්නේ. ඉතින් මමත් විවාහකයින් මම දකින්නේ මගේ බිරිඳයි දරුවොයි දිහා බලනකොට මම ලබා ගත්ත දේවල් සංගීත ක්ෂේත්‍රයේ ලබපු දේවල් වලට වැඩිය ගොඩක්ම දේවල් මට ලැබුනා මගේ බිරිඳගෙන්, මගේ දරුවන්ගේ. ඒ ශක්තිය අදටත් මට තියෙනවා. බිරිඳ කචල් නම් මොකද වෙන්නේ මේවා කරන්න අමාරුයි.


ඔබ කරපු නිර්මාණ අනුකරණයෙන් තොරව කරපු නිර්මාණ. විශේෂයෙන්ම මතකයි ලුණුදෙහි එතකොට ඔජායෙ වගේ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් ළඟකදි නැද්ද ඒ වගේ ගීතයක් නිර්මාණය කරන්න අදහසක්?

ගීත වගයක් කරගෙන යනවා.. අපි දරුවන් වෙනුවෙන් කියලා යමක් කරේ නෑ. නමුත් පංගුවක් ගීත අංකල් ජොන්සන් ගන්න එක ගත්තත් දරුවන්ට තමයි ඒක ආකර්ෂණය වුණේ. නමුත් එහෙම හිතලා කරපු දෙයක් නෙවෙයි. පංගුවක් දේවල් තමයි හිතන්නේ නැති විදිහටයි පංගු දේවල් මිනිස්සු අතරට යන්නේ. නමුත් අපි වේදිකාවේ ගීත විශේෂයෙන්ම කොන්සට් වල කරනකොට ගොඩක් ගීතවලට අපි යම්කිසි රංගනයක් එක්කයි ඉදිරිපත් කෙරුවේ. ඉතිං ඒ හැම දේකටම රංගනයත් සමඟ එනකොටම අපි බැලුව ගොඩක් වෙලාවට මේ චූටි දරුවන්ට ආකර්ෂණය වෙනවා. ඉතින් එකේ යම් කිසි දෙයක් තියෙන්න ඇති නැත්නම් දරුවන් වෙනුවෙන් කියලා අපි කවදාවත් කිසි දෙයක් කරලා නෑ. හැම දෙයක්ම කෙරුවෙ මට කැමති දේවල්. ගොඩක් අය කියනවා  ජනතාවගේ හදවත බලලා කරන්න කියලා. අනේ එහෙම නම් මම කෙරුවෙ නෑ .මම හැමදාම කරේ මට කැමති දේවල් මගේ වාසනාවට මිනිස්සු ඒකට කැමැති වුණා. හෙට කරන්නෙත් මම කැමති දේවල්. ඉතිං එන්න තියෙන ගීතවලත් යම්කිසි උපහාසාත්මක දේවල් සහ හාස්‍ය මේ දේවල් ගැබ් වෙලා තියෙනවා. ඉතිං gypsies ගීතවල ඒ තරම් සීරියස් දෙයක් කියලා මම දකින්නෙත් නෑ. සාමාන්‍යයෙන් නිකන් සරල පොඩි හස්‍යමය දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු සීරියස් බෙල්ල කඩාගෙන කල්පනා කරන්න ඕන ගීත අපි ගායනා කරලා නෑ. එහෙම දේවල් කරන් තරමට මට දැනුමක් නෑ.
අනිත් එක ඇවිල්ලා මම කරන දේ මට තේරෙන්න එපැයි. පංගුවක් දේවල් ලොකු දේවල් කරලා ඒවා උසස් නිර්මාණ වෙන්න පුළුවන්. ඒත් ඒව මට තේරෙන්නෙත් නෑ.  මම එච්චර ඉහලට ඉගෙන ගෙනත් නෑ. සාහිත්‍ය මට්ටමෙනුත් ඒ තරම් දෙයක් කරල නැහැ. ඉතින් මට දන්න දේ බොහොම සීමිත නිසා මට කරන්න පුළුවන් දේවලුත් ඉතාම සීමිතයි ලොකු දේවල් කරන්න බෑ මට.

ඔබගේ ගීතවලින් සමාජයේ අඩුපාඩු තැන් පෙන්වා දුන්නා. සමහර ගීත වලින් යම්කිසි පහර ගැහීමක් කලාද?

ඔව් ඒ මට දැනෙන හැටි. මම ලංකාව ගැන දැනෙන්නේ දූකක්. අදටත් එහෙමයි. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මට දරුවාව  ඉස්කෝලෙට දාගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මටත් දරුවෝ හතර දෙනෙක් හිටියා. මට වැඩක් කරගන්න මොනම ඔෆිස් එකට ගිහිල්ලා හරි ඕනම තැනකට ගිහිල්ලා කිසිම කරදරයක් නෑ. මොකද මම සුනිල් පෙරේරා හින්දා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට එහෙමද? එතකොට අපි සටන් කරන්න ඕනේ අපිට තියෙන නිසා නැති නිසා නෙමෙයි.මම තාමත් මගේ නෝනාත් කැමති නෑ මම කතා කරනවට මේ දේවල් ගැන. එතකොට මම නෝනාගෙන් ඇහුවේ අපේ දරුවෝට ඉස්කෝලයක් තියෙන හින්දා අපි දරුවට කිසි කරදරයක් නැති හින්දා ඔයාට කිසි කරදරයක් නැති නිසා මම කට වහගෙන ඉන්න ඕනේ. එක මම පිලිගන්නෙ නෑ. ඒක හරි ආත්මාර්ථකාමී හැඟීමක්. රටේ දරුවන්ට ඒ රටේ දරුවන්ට තාම  ඉස්කෝලෙකට දාගන්නවා  කියන්නේ අම්මල තාත්තලත් පුළුවන් තරම් හොර මගඩි වැඩ කරන්න ඕනේ..

දරුවෝ පිළිසිඳ ගත්ත වෙලාවෙ ඉඳන් එඩ්‍රස් එක මාරු කරනවා වෙන ඉස්කෝලෙකට දාගන්න.. එතකොට වෙන රටවල් වල එහෙමනෙ සංසන්දනය කරල බලන්න.. අවුරුදු හැත්තෑවක් නිදහස ලබලා. ඉස්කෝලෙකට දාගන්න එක්කෝ ප්‍රින්සිපල්ට පාගව දෙන්න ඕනේ. මම දැනුවත්ව සාමාන්‍යයෙන් හොඳ ඉස්කෝල වලට ලක්ෂ 15..  සාමාන්‍ය ළමයෙක් ඇතුල් වෙන්න හදනවා නම් ලක්ෂ පහක් දහයක් පංගුවක් බොහොම දුප්පත් මට්ටමේ ඉන්න කෙනෙකුටත් ලක්ෂ දෙකහමාරක් දෙන්න වෙනවා. එතකොට ඒවා මොකද එහෙම වෙන්න හේතුව? මේ දේශපාලඥයින් මොනවද කෙරුවෙ අවුරුදු 70ක් තිස්සේ?  එතකොට මේවා ගැන කතා නොකර ඉන්න එකද හරි? මගේ දරුවට කිසි කරදරයක් නැතුව හම්බවුණා ඉස්කෝලේ ඒකත් කියන්න ඕනේ. මගේ දරුවාට ලැබිච්ච නිසාම මම කතා නොකර ඉන්න එකද හරි කතා කරන එකද හරි? එතකොට පිටරටක  දරුවන් ඉස්කෝල්කට දාගන්න මම දන්නවා හොඳටම ඔනම ළමයෙක්ට ඉස්කෝලේ තියෙනවා නේද. නමුත්  ඒහෙ එහෙම නැහැ..


හැම දරුවෙක්ම හැම අම්මා කෙනෙක්ම අඬනවා ඉස්කෝලෙකට දාගන්න. දේශපාලනඥයෙක් අඳුරනවා නම් ,එහෙම නැත්නම් ඉස්කෝලෙකට කෙනෙක් අඳුරනවා නම් අන්න  චාන්ස් එක තියෙනවා. එහෙම නැතුව ඉස්කෝලෙකට දාගන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට පුදුම අමාරුවක්. මට ළඟදී  හම්බවුණා මගේ යාළුවෙක්ව. මම ඇහුවා පුතාව දාගත්තා අහවල් ඉස්කෝලෙට කොළඹ. එයා වැඩ කරන්න බැංකුවක. බැංකුවෙන් ලෝන් එකක් දුන්න කිව්වා. මම බැලුවා ඉතිං ලෝන් එක කීයක් ද  අහුවා. පොඩි පොලියක් ගන්නෙ මම Bank වැඩ කරන හින්දා. මං බැලුව ගණන් හදලා පුතා ඉස්කෝලෙන් අස් වෙනකන් ඔහු ඒ ලෝන් එක ගෙවන්න ඕනේ. ඉතිං ඔහු පුතාව දාන්නයි මේ ලෝන් එක අරගෙන තියෙන්නෙ. ගෙයක් හදන්න වත් ඉඩමක් ගන්නවත් ඉඩමක්වත් ගන්න නෙවෙයි... එතකොට ලංකාවේ අසරණ මිනිහගේ ඒ තත්ත්වය එදා ඉඳන්ම එතන. මේ පාර ආරංචි උනා. ඔන්න මෙල්බර්න් වල අරගෙන නිවසක් දේශපාලනඥයෙක් මිලියන 1.5 කට ඩොලර්.. මම දැන් මේ ගැන හොයනවා ආවම කවුද මේ ගත්ත තැනැත්තා කියලා. මෙල්බර්න් වල අරන් තියෙන්නේ. පතුරු ගහන්න ඕනේ මේවා ලංකාවට ගිල්ලා. මොකද මෙවැනි උදවිය මේ සල්ලි හොරකම් කර කර මේ විදියට යන්න ද මේ රට හදන්නේ.. මේ රටට අපිට කොච්චර කරදර වුනාද මගේ නෝනා කියන්නෙත් ඔවට යන්න එපා.. නමුත් යන්න එපා නෙමේ අපිට කොච්චර කරදර උනත් අපි මේවා මේ මිනිස්සුන්ව අල්ලා හිරේ දාන්නම ඕනේ.

තව කට්ටිය කියන කතාවක් තමයි කවුරු ආවත් එච්චරයි කියන එක.. නමුත් කවුරු ආවත් අපි ඒක සටන් කරන්න ඕනේ.. නැතුව කට වහගෙන ඉන්න එකද හරි. කටවහන් හිටියාම ඕනම දෙයක් කරල දායි එතකොට සාමාන්‍යයෙන් මේ රටවලට ආවහම මට දැනේන්නේ ලංකාව ගැන පූදුම දුකක්. ඒ මම මගේ රට තියෙන ආදරය නිසා. භක්තියක් නිසයි.. මටත් කිසි කරදරයක් නෑ.. මට කන්න බොන්න ඉන්න අදින්න මට හොඳට සල්ලි ලැබෙනවා. ඉතින් මට කිසි කරදරයක් නෑ. මට ඒ දේවල් නැති නිසා නෙමේ තරහක් තියෙන්නේ ඇති නිසා. මේ රට හැදෙන නැද්ද. ඉතින් මේවා ගැන කතා කරනකොට හඬක් තියෙන කෙනෙක් කතා කරන්න ඕනි. පාරේ යන සුනිල් කෙනෙක් ඇවිල්ල කතා කරා කියලා වැඩක් නෑ. මම කියන්නේ හඬක් තියෙන හැමෝම මේවට විරුද්ධව කතා කරන්න ඕනේ... දැනටත් අපි යම්කිසි වෙනසක් ඇති කරල දුන්නා. නමුත් මේ ක්‍රමය හරි නෙමෙයි.. මේ ක්‍රමයෙත්  එක එක ජල්තර තියනවා.. එතකොට ඒවා ගැන කතා කරන්න ඕනේ.. ඒවා වැරදි කියන්න ඕන. අපි මධ්‍යස්ථව ස්වාධීනව ඉන්න ඕනේ. ඒ පැත්තට මේ පැත්තට ද ඒ පැත්තෙ නම් ඒකෙත් වරදි පෙන්නන්න ඕන. මේකෙත් වැරදි පෙන්නන්න ඕනෙ. එහෙමයි මම ඉන්නේ.




ඔබ ප්‍රවීණ ගායකයෙක්. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ රජය සමයේදී තමයි අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඔබේ හඬ අවදි කළේ.. ඒකට හේතුවක් තිබුණද?


පහුගිය මහින්ද රජය විතරක් නෙමෙයි එහෙම කියන්න එපා. ඊට ඉස්සෙල්ලා හිටිය රනිල් වික්‍රමසිංහ රජයේ. රනිල් වික්‍රමසිංහගේ character එකත් අපි හදලා තිබ්බනෙ ස්ටේජ් එකට ගෙනල්ලා. ඒක නිකන් තිබුන පංගුවක් ඩයලොග් වල තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා  පෙන්නලා කියනවා මෙයා ගහන ගහන මැච් එක පරදිනවානේ. ඒ විදියට එයාම හඳුන්වලා ඒ විදිය දේවල් කෙරුවා අපි. හැබැයි ඊට පස්සේ ආපු අනිත් රෙජිමේන්තුව රාජපක්ෂගේ රෙජිමේන්තුව ඒක කරගෙන යනකොට පොඩ්ඩක් තර්ජන එල්ල වුණා. ඒකෙන් පොඩි බයක් ඇති වුණා. ඊට පස්සේ එක නවත්තලා දැම්මා. ඒ මොකද ඒ රෙජිමේන්තු ආවා නම් අදටත් මෙහෙ ඇති තාම හුණු ගන්න ඉන්න කට්ටිය. ආවා නම් මම මෙතන අද ඔයත් එක්ක කතා කරන්න නෑ මම නැහැ ජීවතුන් අතර. ඒකයි දැනගන්න ඕන. අරවා හදපු ඒවා මේවා හදපු ඒවා නෙවෙයි. ඒගොල්ලො ආවනම් අද මම මෙහෙම කතා කරන්නේ නෑ. ජිප්සිස්ලත් නෑ. එතකොට ඒකට ද කැමතියි?

අරක කෙරුවයි යුද්දෙ දින්නායි කියලා. නෑ කරපු දේවල් වලට කළ කළ දේ පල පල දේ කියලා තියෙනවා සිංහල කියමනක්. ඒ වගේම මොන ආකාරයෙන් මොන විදියෙන් බේරෙන්න දැඟලුවත් බේරෙයි පංගුවක් උදවිය උසාවියෙන් නම්, ස්වභාවධර්ම බේරෙන්න හම්බවෙන නෑ. ස්වභාවධර්මයේ දඬුවම් ලැබේවි ලැබෙන්න ඕන සෑම කෙනාටම. දැනට පවතින රජයේත් ඉන්නවා. මම විශ්වාස කරන දෙයක් තමයි ස්වභාධර්මය කියන එක සියයට සියයක්. මේ ස්වභාධර්මය අනුව මොන විදිය ආකාරයෙන් මොන උසාවියෙන් බේරුණත් ස්වභාවධර්මයෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ. තමන්ගෙ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට පවා කරපු වැරදි වලට ගෙවන්න සිද්ධ වෙනවා. ඒකයි බෞද්ධ දර්ශනය බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. දිට්ඨධම්මවේදනීය කර්මය කියලා හේතු ඵල න්‍යාය කියලා තියෙන්නේ. දැම්මේ අල නම් එන්නෙ අල. බතල ඉන්නේ නෑ. ඒ විදියට කරපු දේවල් වලට පඩිසන් දෙනවා එක වළක්වන්න බෑ. ඒ පඩිසන් දෙනකොට පංගුවක් උදවියට තේරෙයි අනේ ඇයි කියලා. ඒක ඔයටත්   මටත් උරුමයි. මේ ලෝකේ හැමෝටම උරුමයි.  අපි කරපු හැම දේකටම අපිට ගෙවන්න සිද්ධ වෙනවා.


බොහොම සුළු පිරිසක් ඉන්නවා දේශපාලනේ හොරකම් කරන්නේ නැති. අනිත් ඔක්කොම සෙට් එක පට්ට පල් හොරු. ඉතිං ඒක මම බය නැතුව කියනවා.  රටක ගිහින් දරුවෙක් ඉගෙන ගන්නවා නම්  දේශපාලනඥයෙක්ගෙ අහන්න කොහෙන්ද තාත්තට සල්ලි කියලා. අමෙරිකාව ඉගෙන ගන්න දරුවෝ කොහෙන්ද තාත්තට සල්ලි?  ඔය ආණ්ඩුවේ හම්බෙන පඩියෙන්? නෑ හොරකම් කරලා අනිවාර්යෙන් හොරකම් කරලා. එතකොට මෙසේ හොරකම් කර කර හොරකම් කරන මිනිසුන්ට දඩුවම් පමුණුවන්නේ නැද්ද. මේවා පෙන්නන්නෙ හුවා දක්වන්නේ නැද්ද? එතකොට එවැනි හුවා දක්වන්න ගිය පංගුවක් මාධ්‍යවේදීන්ට වුණු කරදර ගැන දන්නව. ඒ මාධ්‍යවේදීන්ට ඇති වුණ කරදර ලක්සඳ වික්‍රමතුංග කෝ අද ජීවතුන් අතර නෑ,

එක්නැලිගොඩ කෝ. ඒ වගේම නේද ප්‍රේමදාස මහත්තයාත් කෙරුණේ. කෝ එයාට මොකද උනේ? දැක්කා නේද වෙන දේ. කළ කළ දේ පල පල දේ. ඒ විදියේ දේවල් කරලා ජීවතුන් අතර ඉන්න බෑ, හොදින් ඉන්න බෑ. කවුරු හරි දෙයක් කෙරුවනම් හොඳ දේවල් කරලත් ඇති ,නරක දේවල් කරලත් ඇති. මිනිස් ඝාතනයට සම්බන්ධ නම් ඒ දේට දඩුවම දිය යුතුයි. තමන්ගෙ දරුවන් සම්බන්ධ නම් ඒ උදවියටත් දඩුවම් දිය යුතුයි. තමාට බේරෙන්න බෑ තමා ඕන තරම් සල්ලි වියදම් කරලා පුළුවන් තරම් සල්ලි වියදම් කරලා උසාවියෙන් බේරිලා එයි. ඒත්  ස්වභාධර්මය බේරෙන්න හම්බ වෙන්නේ නෑ . එවැනි ජඩ මඩි තක්කඩි වැඩ නිසා තමයි මට හිතුනේ එන්න ඕනි කියලා කතා කරන්න ඕනේ කියලා. මට ‍බනිනවා ඇති කට්ටිය. හැබැයි එහෙම කොච්චර කට්ටිය බැන්නත් මට ප්‍රශ්නයක් නෑ මට ගානක් නෑ මට ඕවා පුරුදුයි ඒ නිසා මට ඒවා ගානක් නෑ.

ඔබ දේශපාලනඥයෙක් වෙන්න හිතුවෙ නැද්ද?

කට්ටිය කියනවා සුනිල් අයියා ඡන්දෙ  ඉල්ලන්න කියලා. ඡන්දෙ ඉල්ලන්න දැනුමක් තියෙන්න එපැයි. ඉගෙනගෙන තියෙන්න එපැයි. මම ඉගෙනගෙන තියෙනවද ?මම ඉගෙන ගෙන නෑ. මම ඉගෙන ගත්තේ ඕ ලෙවල් වෙනකම් විතරයි. ඒකත් බොහොම අමාරුවෙන් පස් කරගත්ෙත්.  එහෙම කෙනෙක් දේශපාලනයට ගියොත් මොකද වෙන්නෙ? මම ගියොත් එතන අනනවා. දැනට මගේ තරම්වත් දැනුමක් නැති උන් තමයි එතන ඉන්නේ ගෙම්බෝ ඉන්නේ. ඒකයි ලංකාව ඇනි ඇනි තියෙන්නෙ. ඒක නිසයි මම කියන්නේ යම්කිසි තත්ත්වය එක යම් කිසි අධ්‍යාපන මට්ටමක තියෙන පිළිවෙලක් ගේන්න ඕනේ දේශපාලනේට එන්න. දැනටත් ප්‍රාදේශීය සභාවේ මේ ඉන්න උදවිය හැසිරෙන ආකාරය.ගැණු ළමයිව මෙච්චර රෙප් කරනවා, ඒවා කරලා බේරෙනව. මේවා බල බල තමාගේ දුව නෙමෙයි කියලා බල බල ඉන්න පුළුවන් ද.මගෙ දූවට වුණේ නෑ එහෙම දෙයක්. මගේ පුතාට එහෙම දෙයක් උනෙත් නෑ. එහෙමයි කියලා මේවා බල බල මේ උදවිය කරන ජඩ වැඩ මගඩි වැඩ මේවා දිහා බල බල සද්ද නැතුව ඉන්න පුලුවන්ද?


ඔබ උප්පත්තියෙන් කතෝලික බැතිමතෙක්.. අන්‍යාගමික කෙනෙක් බුද්ධාගම ගැනත් හැම ආගම ගැනම කතා කිරීම ගැන. පොඩ්ඩක් පැහැදිලි කරන්න.


මම free thinker. ඒ  කියන්නේ හේතුවාදීන්. ඉතින් මමත් free thinker කෙනෙක්. මම උත්පත්තියෙන් කතෝලික. නමුත් මගේ නෝනා බෞද්ධ. නමුත් අද මම ඒ කතෝලික කියනවට කැමති නෑ. මම free thinker. අද කුරුස විතරක් අඳින්නෙ නෑ. සියලු ආගම් වල ලාංඡනයක් පළඳින්නේ මේක හැම එකක්ම තියෙනවා. ඒකේ ධර්මචක්‍ර තියනවා ,කුරුසෙ තියෙනවා, මුස්ලිම් ආගමේ ලාංඡනය තියෙනවා, හින්දු ආගමේ තියනවා හැම එකක්ම තියෙනවා. ඉතින් මට හිතුනා මේ කුරුස විතරක් දැම්මහම මම නියෝජනය වෙනවා කතෝලික විතරක් එහෙම නැත්නම් ක්‍රිස්තියානි කොට්ඨාස විතරක් නියෝජනය වෙනවා.

ඉතිං හිතලා බලන්න හොඳ යම් කිසි දෙයක් පළඳින දේකින් හෝ තමා එක දෙයකට පමණක් යොමු වෙච්ච කෙනෙක් වෙන එකද හැමදේටම යොමු වෙච්ච කෙනෙක් වෙන එක ද. දැන් මම කුරුසයක් දැම්මොත් ඒක නිකන් ක්‍රිස්තියානි එකට විතරයි.. එතකොට ධර්මචක්‍ර දැම්මොත් බෞද්ධ කට්ටිය විතරක් වගේ මුස්ලිම් ආගමේ දැම්මොත් ඒකට විතරයි.. ඔක්කොම තියෙන එකක් දා ගත්තහම ඒක මම හිතන්නේ ගැම්මක් තියෙනවා. මම එක ආගමක්වත් අදහන්නේ නෑ.. මම විශ්වාස කරන්නේ බෞද්ධ දර්ශනය බුදුන් වහන්සේ කියලා තියෙන එකම එක දෙයක් විතරයි.ඒක  හැම ආගමකම වගේ එක තියෙනවා.. නමුත් බෞද්ධ දර්ශනය පොඩ්ඩක් තදින් තියෙනවා.. ඒක කරන දේටයි ප්‍රතිඵල.


තමන් හොඳ දේවල් කරල තියෙනවා නම් හොඳ දේ ලැබෙයි. තමා හොඳ ක්‍රියාවලියන් වලම නිරත වෙනවා නම් තමාට හොඳ දේවල්  ලැබෙයි.. ලොකු බෙල්ල කඩාගෙන හිතන්න දෙයක් නෑ. මිථ්‍යාව කියන එක මම කොහෙත්ම විශ්වාස කරන්නේ නෑ. මිථ්‍යාවෙන් තමයි මිනිස්සුන්ව ගොඩක් නොමග යවන්නේ. මම විශ්වාස කරන්නේ අපිට කරදරයක් උනොත් හරි මම කරලා තියෙන වරදකට, මම කරලා තියෙන ජීවිතේ දඩුවමක් හැටියට මම එක දකින්නේ. ඉතිං අපිට යම්කිසි පිනක් ලබා ගැනීමට නම් අපි යම්කිසි හොඳ ක්‍රියාවලියක් කළ යුතුයි. මගේ දරුවෙක්ගේ   ඉදිරියේ හොඳට හොඳාකාරව පවත්වාගෙන ඔහුට ලැබේවා කියලා මගේ ප්‍රාර්ථනයක් තිබෙනවා නම් මම ගිහිල්ලා අන් දරුවන්ට උදව් කරන්න ඕනේ. ඒ මගෙන් මගේ දරුවාට ශක්තියක් ලැබේ කියන විශ්වාසය තියනවා.  ඒ ඇරෙන්න කිසිම ආගමකට සම්බන්ධ නෑ. මම පල්ලි යන්නෙ නෑ, පන්සල් යන්නෙ නෑ, දෙයියො බුදුන් කිසි දෙයක් වන්දනා නමස්කාර ඕව කරන්නෙ නෑ. මගේ නෝනත් බෞද්ධ. අපි දෙන්නම බැන්ද අලුත එහෙම තිබුනේ නෑ.. නමුත් පසුකාලීනව මේවා තේරුම් ගත්තා ඉන්පස්සෙ මගේ නෝනා ඉතිං හරිම බොහොම තැන්පත් කෙනෙක් බොහොම හොඳ කෙනෙක්.


ඉතින් එයා බෞද්ධ කෙනෙක් නමුත් මම විවාහ වෙන්න ගිය අවස්ථාවේ ඒකයි මම කතෝලික ඒවායින් ඈත් වෙන්න හේතුව. එයාව පුළුවන් තරම් කතෝලික කරන්න හැදුවා එච්චර හොඳ කෙනෙක්. ඉතින් මට තේරුම් ගන්න බෑ කතෝලික පල්ලියෙන් ඇයි පිලිගන් නැත්තෙ තව ආගමක් ඒකෙන් අප්පිරියාව ඇති කරනවා. කතෝලික ආගමට ගන්න දඟලනවා මේ බෞද්ධ කෙනාව මොකද බෞද්ධ කෙනාව අප්පිරියයි. ඉතින් අපිරියාවක් යම්කිසි තැනක ඇති කරනවා නම් මොන ආගමිකයින් හරි මම නම් කියන්නේ මුස්ලිම් බැන්දත්, චීන බැන්දත් ,ජපන් බැන්දත් මට පිනක් තියෙනවා නම් ඒ විවාහය ඒ ශක්තිය ලැබෙයි. බෞද්ධම බඳින්න ඕන කියලා නීතියක් තියෙනවද. බෞද්ධම බැන්දා කියලා සියයට සීයක් හරියටම කියලා ස්ථීරයක් තියෙනවායි. තමාට පිනක් තියෙනවා නම් තමාට හොද සහකරුවෙක් ලැබෙයි. තමාට ඒ පින ඇති කරගන්න දේවල් කරන්න. දරුවාට හොඳ අනාගතයක් ඇතිවෙන්න ඔයා ගිහිල්ලා දරුවන්ට දෙයක් කරන්න. නිතරම ඒ දේවල් කරනකොට නැති බැරි අය දැක්කහම ඒ උදවියට මොනාහරි දෙන්න පුළුවන් දුන්නොත් තමාගේ දරුවාට ශක්තියක් ලැබේයි.


තමාට ශක්තියක් ලැබෙයි. තමාගේ විවාහ ජීවිතයට ශක්තියක් ලැබෙයි. ඒ දේ ඉගෙන ගන්න ඔය පල්ලි යන්නවත්, පන්සල් යන්නවත් ඕනේ නෑ. මම දන්න හොඳ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නෙත් ඒකයි. ස්වාමීන් වහන්සේලාම තමයි මට කියල තියෙන්නෙ නෑ සුනිල් අයියා ඔයා පන්සල් යන්න ඕනෙ නෑ, මම ඕන නම් ලංකාවට ආව දවසකට ඔවුන්ව හඳුන්වලා දෙන්නම්.. එක්කෙනෙක් නම් ඉන්නේ සිංගප්පූරුවෙ. ඒ ස්වාමීන් වහන්සේලාම කියනවා කිසි දවසක බුදුන් වහන්සේ පන්සල් යන්න කියලා නෑ. කිසි දවසක බුදුන් වහන්සේට වඳින්න කියලා නෑ .නමුත් උගන්වලා තියෙන්නේ වඳින්න.

බුදුන් වහන්සේට වැන්ඳාම පින් එනවා කියලා.. බුදුන් වහන්සේට වැඳ කියලා නම් පින් ඇති වෙන්නේ නෑ. දෙයක් කෙරුවොත් තමන් ගිහිල්ලා බුදුන් වහන්සේ කියපු දේවල් කෙරුවොත් තමන්ට ශක්තියක් ලැබෙයි. එහෙම නැතුව තමා ගිහිල්ලා බුදුන් කොච්චර වැන්දත් වැඩක් වෙන්නේ නෑ.. ඒව කොච්චර නම් කරනවද ලංකාවෙත් ඒ ඔක්කොම කරලා මිත්‍යා දේවල්නේ ලංකාවෙ මිනිස්සු කරන්නේ. අදටත් හොඳ වෙලාවට කොන්ඩෙ කපනවා, හොඳ වෙලාවට ඉඳුල් කටගානවා, හොඳම වෙලාවට අකුරු කියවනවා, ඊට පස්සේ හොඳම වෙලාවට ඉස්කෝලේ අරන් යනවා ඉස්කෝලයක් නෑ. අර ඔක්කොම හොඳට කරලා අනේ දරුවාට ඉස්කෝලෙට ගිනියනවා ඉස්කෝලේන් දරුවා ගන්න බෑ කියනවා.

දැන් මම ඉඳගෙන ඉන්න ඔෆිස් එකේ වැරදි පැත්තට. මට කිහිප දෙනෙක්ම කිව්වා සුනිල් අයියා  ඉඳන් ඉන්නේ වැරදි පැත්තට කියලා.. මං කිව්වා මචං මම වැරදි පැත්තට තමයි ඉඳගෙන මෙච්චර කිසි කරදරයක් නැත්නම් හොඳ පැත්තට උඹ දාන්න හදන්න එපා මොකද මීට වැඩිය ගොඩක් හොඳ උනොත් කරදර වෙන්න පුළුවන්... මේ ඇති හොඳටම තියෙන ඒවා. ඒ හින්ද මං මේ වැරදි පැත්තට ඉඳගෙන ඉන්නවා . මේ ගානට මිනිස්සු ඇබ්බැහි වෙලා මේවට මිථ්‍යා දේවල් වලට.. මේ ග්‍රහ තරු අරයා මෙයා.. තමා හොඳ දෙයක් කරන්න හැමදාම හොඳ දෙයක් කරන්න.. තමාට හොඳක් සිද්දවෙයි. බුද්ධාගමේ බුදුන් වහන්සේ ඔවා ඔක්කොම රිජෙක්ට් කරලයි ආවේ. ඒ හින්දු දේවල් ඔක්කොම රිජෙක්ට් කරල.අපේ ඒගොල්ලො බෞද්ධ කියන කට්ටිය එක ඇතුලටම ගියා.. හොඳ වෙලාව බලනවා. කාර් එකක් ගත්තත් හොඳ වෙලාවට ගන්නේ කාර් එකේ මොනා හරි කවුරුහරි කිව්ව නම් දෙහි ගෙඩියක් එල්ලනවා.

 මං මේ ලඟදිත් කිව්වා ලංකාව බෞද්ධ රටක් නෙමෙයි බුදු පිළිම තියන රටක්.. බුදුන් වහන්සේට වඳින රටක්.. හැබැයි බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධයෝ කියන්නේ බුදුන් වහන්සේ කියපු දේවල් කරන මිනිස්සු. එහෙම මිනිස්සුනේ ලංකාවේ. බුදුන් වහන්සේ නැකත් ඔවා විශ්වාස කරන්නේ නෑ.. පෝරු චාරිත්‍ර කරන්න. හැබැයි කවුරු හරි කියන දේ 9.03ට කියලා ඒක විශ්වාස කරලා කරනවා නම් ඒක මිත්‍යා විශ්වාසයක්. අර කොහෙවත් යන මිනිහෙක් කියන දේකට කරනවා කියන්නේ ඒක මිත්‍යාවක්. ඒක අපේ සංස්කෘතිය තියෙන දෙයක්.. නමුත් අරක 9.03ට නගින්න 10.12ට බහින්න ඒ ගානට ඕවා විශ්වාස කරනවා කියන්නෙ අර දරුවා හම්බ වුනාමත්, ඉඳුල් කට ගන්නත් වෙලාව හොයනවා, අරකටත් වෙලාව හොයනවා, ගේ මුල් ගල තියන්න වෙලාව හොයනවා එහෙම කරන්නේ බෞද්ධයෝ නෙමෙයි. එහෙම කරන්නෙ හින්දු භක්තිකයෝ. ඉතින් ලංකා වැඩිහරියක් ඉන්නෙ හින්දු භක්තිකයෝ.. ලංකාවේ බෞද්ධයෝ නෑ මම දන්න හැටියට නම් බොහොම සුළු පිරිසක් තමයි බෞද්ධයෝ ඉන්නේ. අනිත් කට්ටිය ගොඩක් අය මිත්‍යා විශ්වාසයන් කරන කට්ටිය.



සුනිල් අයියා ආඩම්බරකාරයෙක්ද?

පංගුවක් අය හිතේ තියෙනවා සුනිල් අයියා ගියොත් එහෙම Benz එහෙක මාර ලෙවල් එකක් කියලා. ඒත් මට එහෙම එකක් නැහැ. මොන ලෙවල් එකක්ද. මම Nano එකේ නැගලා යනවා. සමහර වෙලාට ත්‍රීවිල් එකෙත් යන වෙලාවල් තියෙනවා. wife  සමහර වෙලාවට බනිනවා.. මම එතකොට මොන පිස්සුද මිනිසුන් ඔන එකක් හිතාගත්තාදෙන් මම යන්නේ Nano එකෙන්. ඕන කෙනෙක් ඕන මගුලක් හිතාගත් දෙන්. සමහරවිට අර society එකේ සමාජයේ යම්කිසි දැන් ජිප්සීස් කිව්වම ජිප්සීස් යන්න ඕනේ මෙහෙම ලොකු කාරෙක. එහෙම දෙයක් මගේ ඔළුවේ මම හදාගෙන නෑ. මට මෙ ඇති. මට වැඩිය වාහන අවශ්‍ය මිනිස්සු තව ඉන්නවා. මගේ බෑන්ඩ් එකේ ඉන්නවා. ඒ උදවියට ඒ දේවල් කෙරුනට පස්සේ සමහරවිට මට ටිකක් හොඳ වාහනයක් ගන්න අවශ්‍යතාවයක් ඇතිවෙයි . අනිත් උදවියට පංගුවක් උදවියට මගේ ඉන්නවා ගීත රචකයන්ට ගෙයක් නෑ තාම. ඉතින් ඒ උදවියට මම උත්සාහ කරන්න ඔන ගෙයක් අරන් දෙන්න..
එතකොට ඒ දේවල් නොකර මම බෙන්ස් එකක් ගන්න එක හරි නැහැ මගේ හිතට.

ඉතින් ඒකයි මම දකින්න ජීවිතය ගැන යථාර්ථවත් පොළොවෙ පය ගහල ඉන්න ටික අපිට කන්න බොන්න ඉන්න තැනක් තියෙනවනම් එච්චරයිනෙ ජීවිතේ. ජීවිතය සුන්දරයි. නෝනා සන්තෝසෙන් ඉන්නවා, නෝනා හිනා වෙලා ඉන්නවා නම් එච්චරයි ජීවිතේ. දරුවොත් එක්ක  සමගිය තියෙනවා නම් දරුවන් මාත් එක්ක හරි කිට්ටුයි. දරුවන් එකත් ගොඩක් වෙලාවට විහිළු කර කර ඉන්නවා. ඒ ජීවිතය බොහොම සුන්දරයි.මට මීට වැඩියෙන් මට තව දෙයක් නෑ. ශරීර සෞඛ්‍ය අතින් මගේ පවුලෙ කිසිම කෙනෙක්ට එහෙම අසනීපයක් නෑ.

මට විතරක් මේ ලඟදි පොඩි අසනීප තත්ත්වයක් ආවා. මං පොඩ්ඩක් බිව්වා වැඩියි. ඒ හින්දා  liver එකේ පොඩි ගැස්සිල්ලක් අවා. ඉතින් ඒ හින්ද බොන එක ටිකක් අඩු කරල තියෙන්නෙ. ඉතින් ඒ හැම දේටම හේතුවක් තියනවා. වැඩියෙන් බිව්වොත් කොහෙන් හරි එක තැනකින් අප්සට් එකක් වෙනවා. හැමදේම මම දකින්නෙ ලැබිලා තියෙන දේ සතුටු වෙන්න.. හොඳටම ඇති මට ලැබිලා තියෙනවා. මට තව ලැබෙන්න අවශ්‍යතාවයක් නෑ. ජීවත් වෙන්න  සල්ලි ටිකක් හම්බ උනාම ඇති. මගේ වටේ ඉන්න උදවියට ගොඩක් අවශ්‍යතාවන් තියෙනවා ජිප්සීස්ලගේ අපිත් එක්ක ගීත ලියපු උදවිය. එ උදවිය මෙහෙම ලොකු තත්ත්වයට ඇවිල්ලා නෑ. ඒ උදවිය ගැන මගේ හිතේ විශේෂ යොමුවක් තියෙනවා. ජීවිතේ කියන ‍ඒක මම දකින්නෙ බොහොම සරලව. ඉන්න තරමට තමාට ලේසියි සංතෝසයි සුන්දරයි.

ඔබ ගෙවන්නෙ සරල ජීවිතයක්ද?

මාව පංගුවක් ඒගොල්ලො දකින්නේ තනිකර පිස්සු හටනක් කියලා දකින්නේ. මට බනින අය කොච්චර ඉන්නවද. සුනිල් අයියා කියන්නේ හරි පිස්සෙක් කියලා කියන අය කොච්චර නම් ඉන්නවද. නමුත් මට මේ ගමන එන්න අවුරුදු හතළිස් නමයක්. ඉතින් තව විශේෂ පිරිසක් ශක්තිය දුන්නා. ඉතින් ඒ හැම කෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මට දැනෙන දේ පමණයි

ඉතින් මගේ ජීවිතේ මම හැමදාම සොමියේම තමයි හිටියෙ. විනෝදයෙන්ම ඉන්න ලැබෙනවා කියන එක ඒකත් පිනක්. මම නෝනත් එක්කත් විහිලු කරගෙන ගෙදරත් එහෙම විහිලු කරගෙන එහෙම තමයි ඉන්නේ මම . ඉතිං එහෙම ලැබෙන්න ඒ කෙනාට වාසනාවක් තියෙන්න ඕනේ. මුදල් අතින් ප්‍රශ්න තිබුනෙම නෑ. හැමදාම ඉතින් කොහෙන් හරි මුදල් ලබුනා ඉතින්. advertisement වලින් අරකෙන් මේකෙන් ගොඩක් එමෙන් ලැබුණා. මුදල් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ලැබුණා. මම හැමතිස්සෙම කිව්වේ ගොඩක් මිනිස්සුන්ට අපි කරලා දෙන්න ඕනේ දේවල්. ඒ දේවල් කරන්න මං ගොඩක් උත්සහ ගන්නවා. දැනටත් ඒ දේවල් කරනවා. අපිට අවශ්‍ය ටික තියාගෙන අනිත් ටික දෙන්න ඕන. මම හිතන්නේ ආස ප්‍රමාණයට වඩා ගියාම ඒකෙ සීමාවක් නෑ. සීමාව නැතුව ගියාම ඒක හිටපු ගමන් ඒක පංගුවක් වෙලාවට අහනවා දරුවෙක්ට ගෙයක්වත් හදන්නේ නැද්ද කියලා මම කියනවා එතකොට නෑ අරගෙන නෑ අර ගන්නෙත් නෑ. මට ගෙයක් තියෙනවනෙ ඒක ඇති. මට තියෙන්නෙ එක ගෙයයි, එක කාරකයි., එක නෝනයි, එක band එකයි. වෙන කිසිම දෙයක් නෑ. ඔක්කොම එකයි. ඉතිං ඒ ඇති.නොනලා දෙන්නෙක් ආවොත් මොකද වෙන්නේ ?ලෙඩක් වෙනවානේ. ඉතිං ගෙවලුත් දෙකක් ආවහම ගෙවල් දෙකක නිදිය ගන්න බෑනෙ.. දෙකක් අරගෙන හරියන්නෙත් නෑ. එතකොට අනිත් පුතාටත් එකක් අරන් දෙන්න ඕනේ. ඒ පුතාට අරන් දීලා හරි යනවද ඊට පස්සේ  දුවටත් එකක් ඕනේ කියලා කියයි. ඉතින් මල කෙලියක්නෙ. ඊට පස්සේ කියයි පුතාගේ දරුවන්ටත් එකක් අරන් දෙන්න කියලා. ඉතින් ඕක සීමාවක් නෑ.

ඉතින් මේ ඉන්න විදිහට සොමියෙ ඉමු. මගේ ගත්තත් දරුවන්ට අපි අනිත් දරුවන්ට මොනවා මොනවා හරි කාට හරි හරි මොනාහරි කරල දුන්නාම අපේ දරුවන්ට ඉතින් සාමාන්‍ය විදියට ජීවත්වෙන්න මට එහෙම ලොකු ලෙවල් එකේ කියන ජීවත්වෙන්න මට ආසාවකුත් නෑ. ඉතින් මගේ එහෙම විශේෂ ආසාවක් නෑ. මගේ විශේෂ ආසාවක් කියලා තියෙන්නෙ ඔය බෑන්ඩ් එකට ගන්න බඩු. ඉතින් ඒව මම ගොඩක් වෙලාවට එන එන අලුත් ඒවා ඉතින් බලලා ගන්නවා. එහෙම ඇරෙන්න වාහනයක්වත් මට හරි එකක් නැහැ. මගේ වාහනේ අංජබජල් වෙලා තියෙන්නේ. නෝනා නම් කියනවා ඉතින් අලුත් වාහනයක් මෙහෙම ගන්න කියලා. මම කිව්වා බලමු බලමු මේ අවුරුද්ද ඉවර උනාට පස්සේ සමහරවිට ගමු කියලා. ලංකාවෙ ඉන්න ඔක්කොම බෑන්ඩ් වල  band leaders ලාට තියෙන කාර් මට වැඩිය හොඳ ඒවා.   මට තියෙනනේ නිකම්ම නිකං එකක්  කබලක්  තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒ දේ අවශ්‍ය නැහැ කියලා.
( gossiplankanews.com )

වීඩියෝව - C31 TV-Sri Lanka Morning Show