ප්‍රංශයේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය පසුගිය සතියේ ඇස්තමේන්තු කර තිබුනේ දළ වශයෙන් රෝහල් සේවකයින්ගෙන් සියයට 12 ක් සහ පෞද්ගලික පුහුණුවීම් කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 6 ක් පමණ තවමත් එන්නත් ලබාගෙන නොමැති බවයි.
 ප්‍රංශය පුරා සිටින සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් වෙනුවෙන් අනතුරු ඇඟවීම නිකුත් කළේ මේ සතියේ නියමිත දිනට පෙර කොවිඩ් -19 ට එරෙහිව එන්නත ලබා ගන්නා ලෙසයි නමුත් තවදුරටත් එන්නත් නොගත් සෞඛ්‍ය සේවකයින් 3000 ක් පමණ සිටි අතර

ඒ හේතුවෙන් වැටුප් රහිතව ඔවුනගේ සේවය අත්හිටුවා ඇති බව සෞඛ්‍ය ඇමති ඔලිවියර් වේරාන් බ්‍රහස්පතින්දා ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජූලි මාසයේදී රෝහල්, විශ්‍රාමික නිවාස සේවකයින් සහ ගිනි නිවීමේ සේවකයින්ට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට උනන්දු නොවේ නම් රැකියා අත්හිටුවීමකට ලක්වන බවට අවසන් නියෝගයක් දුන්නේය.

ප්‍රංශය කැෆේ, ආපනශාලා සහ වෙනත් බොහෝ පොදු ස්ථාන වලට ඇතුළුවීම සඳහා කොවිඩ් "සෞඛ්‍ය අවසර පත්‍රයක්" අනිවාර්ය කර ඇති අතර, එන්නත් තවම ලබා නැති අය තමන්ට වෙනස් කොට සැලකෙන බව පවසමින්  දස දහස් ගණන් ජනයා මේ නිසා සතිපතා විරෝධතා පැවැත්වෙන ප්‍රවෘත්තිද වාර්තා විය.



සමස්තයක් වශයෙන් ගත් කල, ප්‍රංශ ජාතිකයින්ගෙන් සියයට 70 කට පූර්ණ එන්නත එනම් මාත්‍රාවන් දෙකම ලැබී ඇති නමුත්  එක් මාත්‍රාවක් පමණක් ගත් අය ඩෙල්ටා ප්‍රභේදය එන්නතට ඔරොත්තු නොදුන් බව පවසමින් දෙවැන්න ගන්නට උනන්දු නැති බව පවසා ඇත ඒ පිරිස සියයට 76 ක් බව හෙළිව ඇත.
මේ අතර එරට වයස අවුරුදු 12 ට වැඩි සෑම දෙනාටම එන්නත විවෘතය - සාපේක්ෂව ප්‍රංශය එන්නත්කරණයෙන් ලොව ඉහළම මට්ටමක සිටී.
(ඒඑෆ්පී ඇසුරිනි gossiplankanews.com )