
යාපනය, නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි දානපතියෙකු ඇතුළු තිදෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් පෙරේදා (06දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාළ දානපතියාගේ නිවසේ සිට මෙලෙස එක් පුද්ගලයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් සෞඛ්‍ය නීති කඩකරමින් එක්රැස් වී ඇත. අදාළ සිදුවීම පිළිබඳ නෙල්ලිඅඩි පොලීසියට සහ සෞඛ්‍ය නිලධාරීන්ට වාර්තා වීමත් සමග එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන්. විසුරුවා හැරීමට පියවර ගෙන අදාළ දානපතියා සමග මුදල් බෙදමින් සිටි තවත් දෙදෙනෙකු නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව යටතේ පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
පොලිස් භාරයට ගත් මුදල් ගෙවමින් සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිටින සිය පුතා විසින් තමන්ට මුදල් එවූ බවත් එම මුදල් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට තම පුතු විසින් ඉල්ලීම නිසා එලෙස මුදල් බෙදා දීම සිදු කළ බවත්ය.
මෙලෙස එක් අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2ක පමණ මුදලක් බෙදා දීමට සූදානමක් තිබූ බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලිස් භාරයට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදා හැරීමට නෙල්ලිඅඩි පොලීසිය පියවර ගෙන තිබිණි.
(වවුනියාව - මධුෂංඛ අමරසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval