ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවක් දිනාගත් පළමු ළාබාළම ක්‍රීඩිකාව ලෙසින් ටෙනිස් ඉතිහාසයට එක්වූ 18 හැවිරිදි බ්‍රිතාන්‍යයේ එමා රැඩුකානු ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තාය. අවසන් මහ තරගයේදී කැනේඩියානු ක්‍රීඩිකා ලයිලා ෆර්නැන්ඩස් ලකුණු 6-4 සහ 6-3 ක් ලෙසින් පරාජය කරමින් එම දිනාගත් සල්ලි මල්ලේ තරම ඇමරිකානු ඩොලර් මිලියන  දෙක හමාරක් හෙවත් ඩොලර් ලක්ෂ 25 කි.   අවසන් මහ තරගයට පෙර, වෘත්තීය ක්‍රීඩිකාවක් වශයෙන් එම දිනා තිබූ සම්පූර්ණ ත්‍යාග මුදල් වල එකතුව ඩොලර් ලක්‍ෂ 7 ක් පමණි. එහෙත් ලයිලා පරාජය කරමින් ඇමරිකානු විවෘත ශූරතාව දිනාගැනීමත් සමගින් ඇය සතුවූ මුදල ඩොලර් ලක්ෂ 25 ක් හෙවත් ඩොලර් මිලියන දෙක හමාරකි. මේ වන විට ඇය  ටෙනිස් ක්‍රීඩාවෙන් උපයා ඇති මුලු මුදල ඇමරිකානු ඩොලර් 28,03,376 කි.



මට ඒ වෙනුවෙන් ගොඩාක් වෙහෙස වෙන්න සිදුවන බව මම දැගෙන හිටියා. ඒක අදහාගන්නත් බැරි තරම් අසීරු තරගයක්. ඒකේ තත්වය ඒ තරම්ම ඉහළයි. ඒ වෙනුවෙන් මගේ ටෙනිස් ක්‍රීඩාවේ ඉහළම ආකාරයෙන් ක්‍රීඩා කරන්න මට සිද්ධ වුණා යයි ජයග්‍රහණයෙන් අනතුරුව එමා පැවසූවාය.  ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 150  ස්ථානය හිමිකරගෙන සිටි ක්‍රීඩිකාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීම ලෝක ටෙනිස් ප්‍රජාවටත් විශ්වාස කළ නොහැකි තරම් කතාවකි. කිසිවකු අසා නොතිබු එම ඇමරිකානු විවෘත ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගත් තරග තුනේදීම එකම වටයක් හෝ පරාජය නොවූවාය. එතැන් සිට සති දෙකක් පුරා  පැවැති ප්‍රධාන තරගාවලියේ තරග 7 දීත් එකම වටයක් හෝ පරාජය නොවූවාය. වසර 2004 දී වයස 17 ක් ව සිටි මාරියා ෂරපෝවා විම්බල්ඩන් කිරුළ දිනාගත්තාට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව වන්නේද එමාය. එමගේ වයස තවමත් අවුරුදු 19 යි මාස 2කි.

2002 නොවැම්බර් 13 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී උපත ලද එමා, මේ වන විට ලන්ඩන් නුවර පදිංචිකාරියකි. 1977 දී බ්‍රිතාන්‍යයේ වර්ජිනියා වේඩ් විම්බල්ඩන් කිරුළ දිනාගැනීමෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාවක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව වන්නේද ඇයයි. සෙනසුරාදා රාත්‍රියේ එමා  සහ ලයිලා ෆර්නැන්ඩස් අතර අවසන් මහ තරගය පැවැත්වෙන අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ වර්ජිනියා වේඩ් මෙන්ම තවත් විශිෂ්ට ගණයේ බ්‍රිතාන්‍ය ටෙනිස් ශූරයකුව සිටි ටිම් හෙන්මන් ද නිව්යෝර්ක් නුවර ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේ සිටියහ. මෙම තරගය නැරඹීම සඳහා ආතර් ඈෂ් ටෙනිස් පිටියට 23,700 ක් රැස්ව සිටියහ.

එහිදී ඇයට යා හැකිවූයේ සිව්වැනි වටයට පමණි. එම ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 150 වැනි ස්ථානයේ සිටියද ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ ශ්‍රේණිගත කිරීම් අතර 73 වැනි ස්ථානයේ සිටි ලයිලා ෆර්නැන්ඩස්ය. කාන්තා ටෙනිස් පිටියේ පරසිඳු ක්‍රීඩිකාවන් වන නයෝමි ඔසාකා  (ඇමරිකානු විවෘත තරගාවලියේ පසුගිය  වසරේ ශූරිය), අර්යානා සැබලෙන්කා (ලෝක ශ්‍රේණීගත අංක 2) සහ එලීනා  ස්විටෝලිනා (ස්ථානගත අංක  5 ක්‍රීඩිකාව) සියලුදෙනාම පරාජය වූයේ ලයිලා ෆර්නැන්ඩස් වෙතිනි.  අවසන් තරගය පරාජය වුණත්, මේ තරගාවලියේදී මා ක්‍රීඩා කළ ආකාරය ගැන මම ඉහළින්ම ආඩම්බර වෙනවා" යයි ලයිලා පැවසුවාය.