13-year-old-Carolina-credits-menike-mage-hithe-to-India

මේවනවිට අන්තර්ජාල සංගීත රැල්ලක් නිර්මාණය කර තිබෙන යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතයේ අනුනාදය  ඇමරිකාවේ කැලිෆෝනියා නුවර වීදියකදී වාදනය කරන ළාබාල වාදන ශිල්පිනියක ගැන අසන්නට ලැබේ. ඇය කැරොලිනා ප්‍රොට්සෙන්කෝය. 



තවමත් වයස 13 ක් වන මෙම දැරිය 2008 ඔක්තෝබර් 3 වෙනි දින යුක්රේනයේ සංගීත පවුලක උපත ලැබුවාය. ඇගේ දෙමාපියෝ ගිටාරය සහ පියානෝව වාදනය කරති. 2015 දී කැරොලිනාට වයස අවුරුදු 6 දී පවුල පිටින් එක්සත් ජනපදයට ගොස් තිබෙන අතර ඒ කාලයේ සිටම ඇය වයලීනය සම්බන්ධ සම්භාව්‍ය පුහුණුවක් ලබා ඇත.
කැරොලිනා 2017 ගිම්හානයේදී කැලිෆෝනියාහි සැන්ටා මොනිකා හිදී ප්‍රසිද්ධියේ වාදනය ආරම්භ කළාය.
මෙම ළාබාල තාරකාවට යූටියුබ් චැනල් 3 ක් ඇති අතර වසර 2 කටත් අඩු කාලයකදී ඇගේ රසික පිරිස මිලියන 50 ක් දක්වා වර්ධනය වී තිබේ.
ඇගේ විශේෂත්වය වන්නේ ලෝකයේ දසදෙසින් ජනප්‍රිය වන ගීත වයලීනයෙන් ප්‍රතිවාදනය වාදනය කිරීමය. මේ නිසාම ඇය ඉංග්‍රීසි හෝ යුක්රේන් භාෂා වෙනුවට සංගීත බසින් රටවල් 50 කටත් වැඩි ගණනක රසිකයන් වර්ධනය කරගෙන තිබේ.පාසල් වැඩ අවසන්වූ පසු ඉදිරියේදී ප්‍රසංග පැවැත්වීමටත් ඇය ආශා කරන බව සටහන් කර තිබේ.
ඇයට යූටියුබ් නැරඹුම් ඔස්සේ මෙන්ම ඇයගේ සංගීත අංග නරඹා පැහැදෙන අය පේපැල් ඔස්සේ මුදල් පරිත්‍යාග ලැබෙන අතර ඉතා අඩු වයසින්ම ක්ෂෙත්‍රයෙහි ආදායම් උපයන්නියක බවටද පත්ව තිබේ.


යොහානි ද සිල්වාගේ 'මැණිකේ මගේ හිතේ' ගීතය ජනප්‍රිය දර්ශක වලින් හඳුනාගෙන ඇය නැවත ප්‍රතිවාදනය කරන්නට උත්සාහ දරා තිබෙන්නේ කැලිෆෝනියාවේ වීදියකදීය.
මෙලෙස ඇය සිංහල ගීතයක් ඇගේ මිලියන ගණන් රසිකයින් අතර බෙදාහදා ගන්නට උනන්දුවීම ලංකාවේ අපට එක්තරා ජයග්‍රහණයකි.ආඩම්බරයට කරුණකි.

කෙසේ නමුත් මෙම ගීතය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඉන්දියාවේ නිසා මෙය ඉන්දියානු ගීතයක් ලෙස ඇය හඳුනාගෙන තිබෙන බව පෙනී යන අතර ශ්‍රී ලංකාවේ එකක් යයි දැනුවත් නැති බව පෙනී යන්නේ ගිතය ගැන සටහනේදී ඇය එලෙස නම් කර නැති නිසාය.
ඒ බව ඇය යූටියුබ් වෙත එය උඩුගත කළ පසු ඒ සමග දක්වන විස්තරයේ ‘ඉන්දියාවේ ගීතයක්‘ යයි සටහන තබා ඇති නිසා හෙළිවේ. එම සටහන මෙසේය.
‘My violin cover of Manike Mage Hithe (original by Yohani & Satheeshan). It's beautiful Indian song. I hope you like it.‘

(Gossiplankanews.com)

කැරොලිනා ප්‍රොට්සෙන්කෝගේ වයලීන අනුවාදනය පහතින්