
අච්චාරු වෙළෙඳාමේ නිරත ආච්චි නිවෙසින් බැහැරව සිටින අවස්ථාවේ අරක්කු රැගෙන නිවෙසට පැමිණ ඇති සැකකරු දැරියට බලෙන් අරක්කු පොවා අතවර කර ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ පටන් සැකකරු දැරිය බිය ගන්වා මෙසේ අතවර සිදුකර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වැලිවේරිය පොලිසියේ උපපොලිස් පරික්ෂක ජයලත් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවැසීය. වින්දිත දැරිය, විවාහ වී සිටින තම සොහොයුරියට පැවැසීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇති බව අධිකරණයේදී සඳහන් විය.
-ටෝනි කරුණානායක--
Comments
Post a Comment
Your comment will be visible after approval