wathupitiwela-incident

 වතුපිටිවල නගරයේ හෝටල් සේවකයකු ඔහුගේ නවාතැන්පොළ අසල පිහිටි නිවෙසක් ඉදිරිපස පෙරේදා (10 වැනිදා) රාත්‍රී 11.30ට පමණ ඇදවැටී මියගොස් ඇති බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.  

වතුපිටිවල උඩුගහවල්පොළ පළමුවැනි පටුමග අසල පිහිටි නිවෙසක මෙම හෝටල් සේවකයා හුදෙකලාව ලැගුම්ගෙන සිට ඇත. ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටයක් ද රැගෙන අසල පිහිටි නිවෙසක් වෙත මහ රැ ගොස් ඇති මෙම සේවකයා, එම නිවස ඉදිරිපස ඇදවැටී මෙසේ මියගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.


මෙම සේවකයා සේවය කළ හෝටලයේ කිහිප දෙනකු බිම ඇදවැටී සිට ඇති සේවකයාට පණ ඇතැයි සිතා ඔහු කැබ් රථයක පිටුපස කොටසට පටවාගෙන වහා වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතත්, රෝහලේදී ඔහු පරික්ෂා කර ඇති  වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇති බව  දන්වා තිබේ.  මෙම හෝටල් සේවකයාගේ මරණයට හේතුව අනාවරණය කරගැනීම සඳහා හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් වෛද්‍ය පරික්ෂණය ඊයේ (11 වැනිදා)  වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


 -එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන-