
පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අද (06) අළුයම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තහවුරු කලේය.
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනායි.
වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත්කිරීම පැහැරගැනීමක් ලෙස හඳුන්වමින් ඔහු කලබලයක් ඇති කළ අයුරු වීඩියෝව මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval