
කීර්තිමත් ඉංජිනේරු වෘත්තිකයකු වන විජිත හේරත් මහතා 2021 අගෝස්තු 03 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ලෙස වැඩ භාරගන්නා ලදී.
මෙම තනතුරට පත්වීමට පෙර විජිත හේරත් මහතා 2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
----------
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ධුරයෙන් ඉවත්ව ඇතැයි එම ආයතනය නිවේදනයක් මගින් පවසයි. 2021 අගෝස්තු 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.
කෙසේ වෙතත් මහාචාර්ය ලලිත් ගමගේ මහතා සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval