
මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට වට්ස් ඇප් පණ්විඩ , ෆේස් බුක් පණිවිඩ ඔස්සේ ඕඩියෝ ක්ලිප් එකක් හුවමාරුවී තිබෙන අතර එය මීට වසර තුනකට පෙර පාස්කු ප්‍රහාර සමයේ හුවමාරුවූ දෙයක් නැවත ප්‍රචාරයවීමක් බව පොලිසිය පැහැදිලි කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය පුවතක් නිර්මාණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ ගැන පවසා තිබේ.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ අසත්‍ය පුවත 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා යම් පුද්ගලයෙකු විසින් යවන ලද පණිවුඩයක් බවත් ඔහු නැවතත් එම අසත්‍ය පණිවුඩය බෙදා හැරීමක් ලෙස ව්‍යාප්ත වන බවය.
ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලවීමක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval