
සියලු දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(13) දින සේවයෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ අනුව ස්ථානාධිපතිවරු අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බවය.
දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගැනීම සඳහා පවතින වසංගතයෙන් දුම්රිය සේවකයින් රැක ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී 12 සිට සංඥා නිකුත්කිරීම ඇතුළු කිසිවක් සිදු නොවනු ඇති බැවින් හෙට දිනයේදී දුම්රිය ගමනාගමනය අඩාල විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval