
ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ රජයේ උත්සාහය වූයේ ගුරු පොකුරක් නිර්මාණය වී ඇතැයි උදාහරණ පෙන්වන්නට වුවත් එය අසාර්ථකවී ඇති බවයි.
කොළඹ පැවති ගුරු – විදුහල්පතිවරු විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 44 දෙනා
අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
මේ අතර, වැටුප් විෂමතා ගැටලුවට සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන්, අඛණ්ඩව අරගලයේ නිරතවන බව ගුරු- විදුහල්පති සංගම් පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval