
ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන පෙලේ ගෑස් අලෙවි කරන සමාගමක් වන ලාෆ්ස් සමාගම එම අලෙවිය නවතා තිබූ අතරම එම අඩුව පුරවන්නට ඔවුන් සමග තරගකාරී වූ ලිට්රෝ ගෑස් සමාගම විසින් නව ගෑස් සිලින්ඩර් මිලියනයක් (ලක්ෂ 10 ක්) ගෙන්වීමට තීරණය කර ඇතැයි සභාපති තෙෂාර ජයසිංහ දන්වා තිබේ.
පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් සිලින්ඩර් හිඟයකින් තොරව වෙළෙඳපොල වෙත ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය. මෙම වසරේදී කිසිඳු ගෑස් සිලින්ඩරයක් මෙරටට අළුතින් ආනයනය කර නොමැති අතර රටේ අනාගතය පිළිබඳ සිතා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාව අනුව මෙම ගෑස් සිලින්ඩර් ගෙන්වන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval