
සිරගතව සිටින හිටලු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දින සිරගෙදරින් පිටතට පැමිණ අවමංගල උත්සවයකට සහභාගීවීමේ අවස්ථාව උදා කර ගත්තේය. ඒ මීගමුව W.S ප්‍රනාන්දු මල්ශාලාවේ තැන්පත් කර ඇති රන්ජන් රාමනායක මහතාගේ මස්සිනා වන නිරන්ජන් මහතාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රංජන් රාමනායක මහතා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඥාතියාගේ අවමඟුලට රැගෙන ආ අයුරු ඡායාරූපවල දැක්වේ.
මේ අවස්ථාවෙදී එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ තවත් දේශපාලඥයින් පිරිසක්ද එක්වී සිටි බවද වාර්තා විය.





Comments
Post a Comment
Your comment will be visible after approval