
වර්තමාන කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.
ඔවුන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ බව එක්සත් ජාතික පක්ෂය පැවසීය.
රනිල් වික්‍රමසිංහ එහිදී සර්ව පාක්ෂික නායක රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටි බව වාර්තා කර තිබේ.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දේශපාලන නායකයින්ට යෝජනා ඉදිරිපත් කළ හැකි බව ඔහු පැහැදිලි කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් තමන්ගේම යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව දන්වා තිබේ.ෙ
COVID-19 සම්බන්ධයෙන් පක්ෂයේ අවධානයට යොමු කර ඇති වෙනත් ගැටලු කිහිපයක් ද ඔහු අවධාරණය කර තිබේ.ෙ
ජනාධිපතිවරයා එම ඉල්ලීමට සාධනීය ලෙස එකඟතාව පළ කළ නමුත් සමුළුව කැඳවනවාද යන්න පිළිබඳව ස්ථීරභාවයක් නොතිබු බව තතුදත් ආරංචි වාර්තා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval