
මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (15 වැනිදා) හඳුනා ගෙන තිබේ.
මෙම භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය තත්ත්වයේ පසුවන බැවින් රෝහල් ගත කිරීමට පියවර නොගෙන පිරිවෙන තුළම සිට ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අතර මහනුවර වැව රවුමේ පෞද්ගලික හෝටලයක ස්ථාපිත කර ඇති කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගතවූ දින කිහිපයේ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් ඇතුළත් කිරීම නිසා එම ස්ථානයට මහ සංඝරත්නය ඇතුළත්කර ගැනීම සීමාකර තිබේ.
මේ හේතුවෙන් කොවිඩ් ආසාදිත මහසංඝරත්නයට විහාරස්ථාන තුළදීම ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමුවී ඇත.
කමල් සුරවීර - මහනුවර
Comments
Post a Comment
Your comment will be visible after approval