
පොල්ගහවෙල ප්‍රදේශයට ටෙලිනාට්‍යයක රූගත කිරීම් සඳහා පැමිණි කණ්ඩායමක හතර දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට පෙරේදා (10) වැනිදා වාර්තා වූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා පවසයි.
ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍යයක මේ දිනවල තිරගත වන ටෙලිනාට්‍යයක රූගත කිරිම් පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු කිරිම සඳහා පැමිණි පිරිසක් මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔවුන් වරකාපොල පෞද්ගලික රෝහලකින් කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකදී ඉන් හතර දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලට දැනුම් දී ඇත.
එම කණ්ඩායම නවාතැන් ගෙන සිටි පොල්ගහවෙල නගරය ආසන්නයේ ඇති හෝටලයකට මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් යනවිට එම ආසාදනය වූ 4 දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටව ගොස් ඇති බවත්, අදාළ හෝටලයේ සේවය කරන සේවකයන් 7 දෙනකු හෝටලය තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බවත්, හෝටලයෙන් පිටව ගිය ආසාදිත පුද්ගලයන් පිළිබඳ පොල්ගහවෙල පොලිසියට පැමිණිලි කර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවත් පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුුරටත් පැවැසීය.
-අධිකාරී මුදියන්සේ-
Comments
Post a Comment
Your comment will be visible after approval