
කිරිපිටි හිඟය සම්බන්ධ පසුගිය දිනයේ දී රැස්වූ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවේදී ඒ සඳහා වූ සම්පූර්ණ බද්ද ඉවත් කිරීමට තීරණය කර සිටි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.
අද දින මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගුණූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කීය.
පසුගියදා කිරිපිටි මිල සම්බන්ධ ගැටලුවක් නිසා වෙළෙඳපොළට සැපයුම් අවම වී තිබුනි.
වෙළෙඳ ඇමති බන්දුලගේ කළමනාකාරීත්වයෙන් ඉවත් කොට කිරිපිටි පිලිබඳ ප්‍රශ්නය කළමනාකරණය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ භාරගත් බවද ඉදිරියේදී කිරිපිටි ප්‍රශ්න විසඳෙනු ඇති බවද කීය.
එහිදී පරිප්පු සීනි හිඟතාවයක් සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ එවැනි හිඟතාවයක් රට තුළ පැවතීමට ඉඩකඩක් නැති බවත් ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර නිසි පිළිතුරු ඉදිරිපත් කරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval