kochchikade-incident

තම සේවාදායකයකු හමුවීමට ගිය නීතිඥවකුට කොච්චිකඩේ පොලිස්ථාධිපතිවරයා ඉදිරියේ තර්ජනය කළ බව කියන සකුකරුවකුට එම පොලිස්ථානය විසින්  ලබා දි තිබූ පොලිස් ඇපය අවලංගු කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය සැකකරු අද 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. 

මෙම සිද්ධියේදී කොච්චිකඩේ පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඇතුළු නීතිඥවරුන් රැසක් ඉදිරිපත් කළ පැමිණිලි අනුව එම සිද්ධීයේ විමර්ශන කටයුතු කොච්චිකඩේ පොලිස් ස්ථානයෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෙත පැවරීමට වැඩිදුරටත් නියෝග කළාය.මෙම නඩුව 5දා අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ මෙහිදී අගතියට පත් නීතිඥ එම්.එන්.එම්. ෆසීර් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරුන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු අනුව මෙහිදී අගතියට පත් නීතිඥ එන්.එම්. ෆසීර් මහතා අත්අඩංගුවේ පසුවූ තම සේවාදායකයකු හමුවීමට කොච්චිකඩේ පොලිසියට ගොස් ඇත.



එහිදී ෆසීර් මහතා අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප ඉල්ලා කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගීතික ජයකොඩි මහතා හමුවට ගොස් ඇති අතර එම අවස්ථාවේ සරමකින් සහ කමිසයකින් සැරසුණු පුද්ගලයකු එම කාමරයට බලෙන් ඇතුළු වී තිබේ. පසුව ඔහු හුසේන් මොහාමඩේ ලාෆීර් නමැති අයෙකු බවට හඳුනා ගෙන ඇති බවත් ඔහු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරින් සමග ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයකු බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම එසේ ඇතුළු වූ පිටස්තර පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ නීතිඥවරයාට තර්ජනය කරමින් තමුසෙලා ලෝයස්ලාද? තමුසෙලාට මට මුකුත් කරන්න බැහැ.

 එස්.පීල ඩී.අයි.ජීලා ඉන්නෙ මගේ සාක්කුවේ යැයි නීතිඥවරයාට තර්ජනය කළ බවත් එම අවස්ථාවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවත් එම සැකකරුගේ ක්‍රියාවට එරෙහි වූයේ එම පොලිස් ස්ථානයේ ජයරත්න නමැති උප පොලිස් පරික්ෂකවරයා බවත් ඔහු සිද්ධිය වීඩියෝ ගත කරමින් සිටියදී මෙම සිද්ධියට අදාළ සැකකරු ඔහුට ද තර්ජනය කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ පැවසීය.

මෙහිදී කරුණු දක්වමින් එම ක්‍රියාව හේතුවෙන් ගරු කටයුතු වෘත්තියක් වන නීතිඥ වෘත්තිය අපකීර්තියට අවමානයට ලක්ව ඇති බවත් එබැවින් මෙහි විමර්ශන කටයුතු කොච්චිකඩේ පොලිස් ස්ථානයෙන් ඉවත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැත් වීමට නියෝග කරන ලෙසටත් නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට ලබාදී ඇති පොලිස් ඇපය අවලංගු කර අගෝස්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. ම

ෙම සිද්ධියට මුහුණ දුන් එම්.එන්. එම්. ෆසීර් නමැති තරුණ නීතිඥවරයා විවෘත අධිකරණය හමුවට කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය විසින් නීතිඥ වත්තියේ වටිනාකම එහි ගරුත්වය රැකන අයුරින් කටයුතු ආකාරය පිළිබඳව කරුණු නීතිඥවරයාට අවවාද කරන ලදි.

එමෙන්ම මෙවැනි සිද්ධියකදී පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ග්‍රිනික ජයකොඩි මහතාට ද අවවාද කළේය. ඉන් අනතුරුව එහි වැඩිදුර විමර්ශන කටයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් ක්‍රියාත්මක කිරිම නියෝග කර, සැකකරු  අද 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. කොච්චිකඩේ පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියාය. අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරාප් ජයමාන්න, දිනේරු බණ්ඩාර, ලක්ෂාන් ඩයස් මහින්ද සුගතදාස, බැස්ටියන් ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් රැසක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අද දින පැවැත්වේ .

(මීගමුව ඩබිලිව්. කීර්ති හා මීගමුව හියුබට් ප්‍රනාන්දු)